IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි

(අජිත්ලාල් ශාන්තඋදය)

අලුත්වැඩියා කටයුතු සඳහා  රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.

රත්නපුර මල්වල පාරේ මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ මෙම ආදාහනාගාර දෙක පිහිටා ඇත.

මෘත දේහ 150ක් පමණ ආදාහනය කළ පසු එක් ආදාහනාගාරයක් සේවා කටයුතු සිදුකළ යුතු බව ද නගරාධිපතිවරයා අවධාරණය කළේය.

එහෙත් ගෙවුණු දින කිහිපය තුළ නොනවත්වාම දිනකට මෘත දේහ අට, දහය දවාලීමට සිදුවු බවත් ඒවා අතර කෝවිඩ් රෝගය හේතුවෙන් මියගිය අයගේ දේහයන් ද දිනකට තුන හතර දවාලීමට සිදුවු බව ද නගරාධිපතිවරයා පැවසුවේය.

පසුගිය සර්විස් එකෙන් පසු මේවනවිට මෘත ශරීර හත්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ආදාහනාගාර දෙකේ දවා ඇති නිසා ආදාහනාගාර දෙක සර්විස් කිරීම අනිවාර්යයෙන් කළ යුතු නිසා මෘත දේහ දැවීමේ කටයුතු අවම වශයෙන් දින හතරක්වත් නවතා දැමීමට සිදුවන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්‍ධයෙන් රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ද දැනුවත් කළ බව ද නගරාධිපතිවරයා කීවේය.

මහ නගර සභාවේ ආදාහනාගාර දෙකට අමතරව කුරුවිට සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා දෙකේ ආදාහනාගාර දෙකක් රත්නපුර නගරයට ආසන්නව ඇති නිසා විකල්ප ලෙස එම ආදාහනාගාර භාවිතාකරන ලෙස ඉල්ලීම් කරන බව ද පැවසුවේය.

 



අදහස් (0)

රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 2 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 55 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 73 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 2404 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 611 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 864 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1506 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site