IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

තවද මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාල සීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියෙකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත. පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමි වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණකැයි පැවසේ.

 



අදහස් (0)

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 30 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 515 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 772 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1928 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1798 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 130 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1518 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site