(ගයාන් සූරියආරච්චි)
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින් ඇගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස එම තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණි.
එහිදී දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව හයේෂිකා ප්‍රානාන්දු නැමැත්තිගේ සැමියා සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්