IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රත්නපුර සම්බන්ධීකරණය ජනපති,කැබිනට් තීරණය විසි කරයි

(අජිත්ලාල් ශාන්තඋදය)

සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට  රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විනි.

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා මෙහිදි සඳහන් කළේ සමනලවැව ජලාශයට පහළින් දැනටමත් බලාගාර දෙකක් ඉදිකර ඇති අතර තවත් බලාගාරයක් ජලාශයට ආසන්නයෙන් ඉදිකිරිමට අවසර ඉල්ලා ඇති බවයි.

එවැනි බලාගාරයක් ඉදිකිරිම සමනලවැව වේල්ලට හානි විය හැකි බවට එම නියෝජිතයා පෙන්වා දුන්නේ ය.

වසර දහ අටකට පසුව සමනල වැව ජලාශයේ උපරිම ජල මට්ටමට පැමිණ ගිය වසරේ පිරී වාන් දැමු බවද කී එම නියෝජිතයා වාන් දමන ජලය පිටකරන ඇළ මාර්ගයේ මෙම කුඩා පරිමාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ජනපතිගේ, අගමැතිගේ සහ කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතිය හිමිව ඇති බවද කීවේ ය.

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව හමුවේ සමනලවැව ජලාශයේ ජලකාන්දුව කිසිදා වැසිය නොහැකි යැයි සාක්කි දුන් පුද්ගලික ආයතනයේ ඉංජිනේරුවරයා යෝජිත කුඩා පරිමාන විදුලි බලාගාරය ඉදිකිරීමේ කණ්ඩායමේ සාමාජිකයකු බව ද කීවේ ය.

ඔහු එවැනි ස්ථාවරයක් මතු කර ඇත්තේ පුදුගලික විදුලි බලාගාරය ඉදිකිරිමට දේශපාලනඥයින්ගේ අවධානය දිනා ගැනීමට යැයි ද කීවේ ය.

එහෙත් පසුගිය වසරේ සමනලවැව ජලාශය පිරිමෙන් පසු මෙගවොට් 120ක විදුලිය ජනනය කර රුපියල් බිලියන හයක මුදලක් රටට ඉතිරිකර දිමට සමනලවැව ජලාශය නිසා හැකිවු බව ද කීවේ ය.

කිලොවොට් දෙසිය පනහක් තුන්සියයක් නිපදවන බාලාගාරයකට සමනලවැව ජලාශය බිලිදිය යුතු නැතැයි ද කීවේ ය.



අදහස් (8)

රත්නපුර සම්බන්ධීකරණය ජනපති,කැබිනට් තීරණය විසි කරයි

මොට්ටපාල Saturday, 02 March 2024 06:37 AM

පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසා පුද්ගලික බලාගාරයේ ඉංජිනේරු ජල කාන්දුව වහන්න බැහැ කියනවා කියලා හොඳින්ම පේනවා මෙයින් ජනතා දේපළ අයුතු පරිහරණයද වෙන්න බැරි කියලා දෙයක් නැහැ. සමනල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්කර ජලය කාන්දුවෙන ස්ථාන වලට ප්‍රතිකර්ම යොදන්න ඕනෑ ටිකකලක් දුෂ්කරතා වෙන්න පුළුවන්. ඒත් නාස්තිය වළක්වන්න පුළුවන්... ඉංජිනේරු උපාධියක් නැති දක්ෂ ගොවියෙකුට වුණත් මෙතැන බරපතල වංචාවක් වෙනවා කියලා තේරෙනවා. මේ නිසා ජලය හිස්කර කාන්දුවීමට ප්‍රතිකර්ම කළා නම් ජල කාන්දුව වහන්න පුළුවන් වේවි..!

:       6       94

නිමල් Saturday, 02 March 2024 08:28 PM

පසුගිය කාලයේ මේ සමනල වැව ජලාශය ගැන හොඳ ලිපියක් පළවුණා. එකෙන් කියවුණේ මෙම ප්‍රදේශයේ භුමියේ ඇති ස්වභාවය නිසා ජල කාන්දුවීම් 100% නවතා දැමිය නොහැකි බවයි. ජලාශය හිස් වූ පසුගිය වසරේ මේ ගැන අදාළ පුද්ගලයින් ක්‍රියාත්මක වුණා. ඒත් ඔවුනුත් පසුව වැඩේ නවත්වා වාර්තාවක් ඉදිරිපත් කළා. මේ ප්‍රතිචාර දාන බොහෝ දෙනා ටයිප්කරන අය විතරයි. දන්න දේකුත් නෑ. බොරුවට අනුන්ව විවේචනය කරනවා. දේශපාලුවන්ට හොර නිලධාරීන්ට වඩා හානියක් මේ අය මහජන ආකල්පය වෙනස් කරලා රටට කරනවා.

:       0       1

Bandara Saturday, 02 March 2024 09:59 AM

විශ්ව විද්‍යාලයක භූවිද්‍යා උපදෙස් ගන්න බැරිද?

:       2       73

Prabha Saturday, 02 March 2024 01:50 PM

නැවැත්තුවොත් හොරුන්ට බඩේ පාර වදිනවා. ඇත්ත කතාව ඒක..

:       4       61

Waruna Abayarathna Saturday, 02 March 2024 11:45 AM

ජල කාන්දුව නවත්වන්න පුළුවන් ලංකාවේ දැනට තියන තාක්ෂණය ප්‍රමාණව​ත්...!

:       5       59

Shelton Saturday, 02 March 2024 06:55 PM

දැනෙන ලෙස නම්, එම ජල කාන්දුව හිතා මතාම වසා දැමීම නොකරන බවයි. එදා පේරාදෙණිය භූ විද්‍යා මහාචාර්‍යවරුන් සමග කරන ලද පර්යේෂණ වලින් මේ ප්‍රධාන කාන්දුව යම් දුරකට වසා දැමුණු අතර අධික වියදම නිසා නවත්තන ලදී.. පසුගිය දැඩි නියඟය කාලයේදී වුවමනාවක් තිබුනේ... මේ කාන්දුවීම් පහසුවෙන් වසාදැමිය හැකිව තිබිණි. එහෙත් මේ පුද්ගලික බලාගාර හිමියන්ගේ බලපෑම් නිසා එය සිදුනොකරනු ඇත.

:       5       65

ranjith Saturday, 02 March 2024 09:28 PM

පුරාණ රජවරු කරපු වැව් අමුණු ටිකත් පන්දම් කාරයින්ට කුණු කොල්ලයට නොදුන්නොත් තමයි පුදුමේ.

:       0       2

SAM Sunday, 03 March 2024 03:55 AM

සමනලවැව ජලාශයේ ජලකාන්දුව කිසිදා වැසිය නොහැකි බවට විසඳුමක් හෝ නොමැතිව ප්‍රකාශ කරන්නේ නම්, පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයා එම තනතුරට සුදුසු නැත. නැහැ බැහැ කියනා පුද්ගලයින් තනතුරුවල සිටීමම දියුණුවට බාධාවකි. මහජන මුදලින් අධ්‍යාපනය ලද රජයේ ඉංජිනේරුවරුන් සිටියදී පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයකු මෙම පරීක්ෂාව සඳහා යෙදවීම පිළිබඳව සොයාබැලිය යුතු කාරණයකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 187 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site