
රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ.
මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හානි සිදුවිණි. යුද නෞකාව පෙරළා පහර දී එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීය. යුද නෞකවට හෝ එහි සිටි ඇමෙරිකන් සෙබළුන්ට හෝ අනතුරක් සිදු නොවිණි. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. ලැබූන්’ යුද නෞකාවටය.
හවුති සටන්කාමීන්, ඇමෙරිකන් නෞකා ඉලක්ක කර ගනිමින් මෙසේ පහර දුන්නේ, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එක් වී, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ නාවික යාත්‍රා වල ඔය ප්‍රති මිසයිල තියනවද ?