(අජිත්ලාල් ශාන්තඋදය)
යුද්ධයේ දී පාද අහිමි වූ රණවිරුවන් වෙත කෘත්‍රීම පාද ලබාදීමේ වැඩසටහනක් සබරගමු පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී ක‍්‍රියාත්මක විය.
කෘත්‍රීම පාදයක් භාවිත කළ හැක්කේ ටික කාලයක්ය. එහෙත් පාද අහිමි රණවිරුවන්ට කෘතීම පාද වසරින් වසර හෝ ඊට ආසන්න කාලයක් තුල නැවත අලූතින් ලබාගැනීමට යන වියදම දරාගැනීමට අපහසුය.
මේ හේතුවෙන් සබරගමුව සහ ඌව යන දෙපළාතේ පදිංචි පාද අහිමි රණවිරුවන් තිස් පස් දෙනෙකුට අලූතින් කෘතීම පාද ලබාදීමට මෙදින කටයුතු කරනු ලැබීය.
රණවිරු සේවා අධිකාරිය මෙම කෘතීම පාද සදහා යන වියදම දරනු ලබයි. කෘතීම පාද සාදාදිමට අවශ්‍ය මිනුම් කටයුතු මෙදින සිදුකෙරුණේ ඒවා නිෂ්පාදනය කරන මිනුවන්ගේ ශක්ති ආයතනයේ නිලධාරීන් විසිනි.
බරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද ඒ අවස්ථාවට පැමිණ ආබාධිත රණවිරුවන් සමග අදහස් හුවමාරු කරගත්තේය.
රණවිරුසේවා අධිකාරියේ සබරගමු පළාත් නිලධාරී රෝහණ විජේරත්න, දිස්ත‍්‍රික් නිලධාරීවරුන්වන ආර්.ජී. ජයවික‍්‍රම සහ දර්ශන ජයසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රණවිරුවන් 35 කට කෘත්‍රීම පාද