IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රටපුරා තැන්තැන්වල ගුරු විරෝධතා

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය  සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකදී පැවැත්විණි. 

ඔන්ලයින් ඉ⁣ගැන්වීමට අදාළ සියලු පහසුකම් ගුරුවරුන්ට ලබා ගැනීම ,දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබුණි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස කීපයක් වසා දැමු තිබු පාසල් හි ප්‍රාථමික අංශයවල අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )


දඹුල්ල නගරයේ පැවැති ගුරු උද්ඝෝසණය (කාංචන කුමාර ආරියදාස)


කුලියාපිටිය නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය (දිනේෂ් උපේන්ද්‍ර)


දිවුලපිටිය නගරයේ (පුෂ්පකුමාර මල්ලවාරච්චි)



අදහස් (11)

රටපුරා තැන්තැන්වල ගුරු විරෝධතා

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Monday, 25 October 2021 04:04 PM

ගෞරවනීය ගුරු භවතුන්ට මෙසේ මහමගට බැස කෑගැසීමට සිදුවීමේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි. මෙයින් ගුරුභවතා යම් අපහසුතාවයකට පත්වන්නේද, එවැනි දහසක් අපහසුතාවලට නුදුරු අනාගතයේදී රජයට මුහුණ දීමට සිදුවේ. එබැවින් ගුරුභවතුන්ගේ ඉතා සාධාරණ ඉල්ලීම කඩිනමින් විසඳීමට රජය කඩිනමින්ම මැදිහත් විය යුතුයි. එපමණක් නොවේ, පළමු ශ්‍රේණියේ ගුරු භවතකු හට සහ පළමු පන්තියේ විදුහල්පතිවරයෙකුට අඩුම තරමින් විශ්‍රාම යාමේදී හෝ තීරුබදු රහිත වාහන පර්මිට් එකක් ලබාදෙනන්නේ නම් එය මහ පොළවට දරාගත නොහැකි අපරාධයක් ද යන වග ඇසීමට තරම් වත් නොවන පැනයකි. එමෙන්ම වසර 30කට වඩා රජයේ සේවය නිරතව සිට විශ්‍රාම ගන්වන කම්කරුවෙකුට පවා අඩුම තරමේ මරුටියක් වැනි තීරුබදු රහිත වාහනයකට පර්මිට් එකක් ලබාදෙන්න කටයුතු කරන්න. මා එසේ කීවේ මේ රටේ දේශපාලකයින්ට ලැබෙන වරප්‍රසාද දෙස බලනවිට එය කිසිසේත්ම අපරාධයක් නොවන බැවිනි. ගුරු සටන දිනේවා. ඉක්මණින්ම සියලු ඉල්ලීම් ලබාගත හැකිවේවා...!!!

:       21       20

jayaMonday, 25 October 2021 07:07 PM

ගෞරවාන්විත පඩියක් ලබාදීම අනිවාර්ය දෙයක්... ඒත් දේශපාලකයකු හෝ වෙන ඕනෑම අයෙක්ට වාහනයක් දීම අනුමත නොකරමි.

:       0       16

Saku Monday, 25 October 2021 05:48 PM

අච්චු පොත් වෙනුවට සෑම පාඩමක්ම පටිගත කර දුන්නා නම්, ගුරුවරු උද්ඝෝෂණ කරන වෙලාවේ ළමයින්ට තනියම ඉගෙන ගන්න තිබුණා. එතකොට සෑම ළමයෙක්ම නිදහසේ අධ්‍යාපනය ලබා ගන්නවා. තමන්ට පහසු වෙලාවට, ගෙදර දොර වැඩ ඉවර කරගෙන, කැමැති වෙලාවට ඉගෙන ගන්න තියෙනවා නම් ඊට වඩා නිදහස් අධ්‍යාපනයක් නැහැනේ. පාඩම දහස් වාරයක් හරි අහලා තේරුම් ගන්න පුළුවන්. වට පිට බැලුවා කියලා පාඩම මග හැරෙන්නේත් නැහැ. අච්චු පොත් වෙනුවෙන් යන කෝටි ගාණක් මුදල්..., බෙදා හැරීමේ දුෂ්කරතාව, විනාශ වෙන පරිසරය පවා නවතිනවා...

:       1       14

Bamunuarachchi Monday, 25 October 2021 06:00 PM

මේ කාලකන්නි රැස්වෙන තැන්වලට ඩ්‍රෝනමගින් මගින් දෙබර කූඩු ටිකක් දමන්න හිතෙන්නේ මට විතරද...?

:       13       16

TennaMonday, 25 October 2021 08:37 PM

ඔව්, ඔබ වැනි බමුණෙකුට පමණි...!

:       6       5

BamunuarachchiTuesday, 26 October 2021 06:46 AM

පඩි මදිනම් දාලා යන්න ළමයි අනාත නොකර.

:       0       2

Raveendra Monday, 25 October 2021 06:30 PM

ජෙප්පන්ට පෝස්ටර් ඇදලම නිමක් නැහැ වගේ...

:       4       9

මහජනයා Monday, 25 October 2021 07:28 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සෑහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දේ තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයින් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීය. මෙවන් ව්‍යවසනකාරී අවස්ථාවක නොවූවත් කිසිඳු රටක මෙවන් දීර්ඝ නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සඳහන් දර්ශක වල ඍණ අගයන් සටහන් කරවන මෝඩ, පවුකාර අරගලයකි...

:       3       11

SharnTuesday, 26 October 2021 08:18 AM

ඇත්ත, ඉල්ලීම් ඉල්ලියයුතුවුවත් මෙි ඒකට සුදුසු කාලයක්ද අනික, හැම තැනම එකම විදිහේ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරලා තියෙන හැටියෙන් පේනවා මේ ඉටුකරන්නේ කාගේ ඕනෑකමද කියලා…

:       0       0

Sharn Monday, 25 October 2021 07:48 PM

ඔහොම යන්, යාන්තම් කොරෝනාවලින් යම් අවදානමකින් මිදුණා විතරයි, ආයෙත් උද්ඝෝෂණ එහෙම කරලා අළුත් අළුත් රැලි ඇතිකර ගනිමු. එවිට ඇතැමුන්ට සැනසුමක් ලැබේවි...!!! 

:       3       15

Bandara Monday, 25 October 2021 11:22 PM

අපි පාසල් ගිය කාලේ හිටිය ගුරුවරුන්ගේ අගය මේ වගේ ආත්මාර්ථකාමී අය දැකීමෙන් හොදින් වැටෙහෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 390 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 805 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 972 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 550 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 571 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 199 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site