IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රටට එන ’’නරක සත්තු’’ නවත්තන්න කොරියා උදව්

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා  ඩොලර් මිලියන 1.3ක වියදමින්  ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී අද(25)  පෙරවරුවේ  දී විවෘත කෙරිණි.

කොරියා රජය සහ කොරියා අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ සහයෝගයෙන් මෙම නිරෝධායන සේවය අරඹයි.

නව තාක්ෂණය යොදා ගනිමින් ආනයන සහ අපනයන පැළෑටි නිරෝධායනය සඳහා අවශ්‍ය  පර්යේෂණ පහසුකම් හා රසායනාගාර පහසුකම් ස්ථාපිත කර තිබේ.

කොරියා රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරටට ආනයනය කරන පැළෑටි මගින් යම් යම් රෝග මෙන්ම පළිබෝධකයින් රටට ඇතුළුවීම වලක්වා ගැනීමට  පියවර ගත් අතර අද සිට එම සේවාව හොඳ පහසුකම් සහිත ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබෙන බවයි.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin මහත්ම මහත්මීහු ද සහභාගී වූහ .

 



අදහස් (2)

රටට එන ’’නරක සත්තු’’ නවත්තන්න කොරියා උදව්

පිටිගල මිලානෝ Tuesday, 25 June 2024 04:06 PM

නරක සත්තු දෙන්නෙක් ඉහත ඡායාරූපයේ ඉන්නවා….. ගහලා එලවපියෝ…….

:       0       6

chandana Wednesday, 26 June 2024 03:47 AM

දැන් ඔය ගොඩනැගිල්ල පරණ නිසාද ලංකාවට ලෙඩ රෝග සහිත පැලෑටි ආවේ ?එහෙනම් තව ගොඩනැගිලි කිහිපයක්ම ගැහැව්වානම් මලාට ලෙඩ රෝග සහිත පැල එන්නේ නැහැනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site