
(සුජිත් හේවාජුලිගේ)
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි විසි නව ලක්ෂ අසූ පන් දහස් හය සියයක් බවද ඔහු සඳහන් කළේය.
රජය මේ වසරේ මුල් මාස පහේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් රුපියල් කෝටි දෙලක්ෂ අසූ හය දහස් නව සිය පනස් දෙකක් ලබාගෙන ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි දෙලක්ෂ හැට හතර දහස් අට සිය එකොළහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් කෝටි විසිදෙදහස් එකසිය හතළිස් එකක්ද ලබාගෙන ඇතැයි ප්‍රකාශ කළේය.
මේ අතර භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගෙන ඇති ණයවල වාර්ෂික වැඩිවීම( 2022 වසර වනවිට) සියයට අසූ එකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැඳුම්කර වලින් ලබාගෙන ඇති ණයවල වර්ධනය සියයට 25 ක් බවත් ඔහු කීවේය.
දේශීය ණය බර දිනකට රුපියල් කෝටි එකසිය හතකින් පමණ ඉහළ ගොස් ඇතැයිද මහ බැංකු වාර්තාව පෙන්වා දෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
පසුගිය අවුරුදු පහ තුළ පමණක් රටේ දේශීය ණය ප්‍රමාණය සියයට සියයට 150 කින් වැඩිවී ඇතැයි පවසන මහාචාර්යවරයා මේ අනුව භාණ්ඩාගාර බිල්පත් ණය සියයට 450කින් වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.
එසේම බැඳුම්කර ණය සියයට 110 කින් වැඩිවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් ණය කල් පිරීම හේතුවෙන් මේ ණය ලබාගෙන ඒ ණය ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දේශීය ණය සම්බන්ධයෙන් දැඩි අස්ථායි තත්වයක් නිර්මාණයවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
විපරමා Saturday, 20 May 2023 11:38 AM
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි, දූෂිත දේශපාලුවන් තමයි මේවාට වගකියන්න ඕනේ...
DilucSaturday, 20 May 2023 02:55 PM
ඇයි ඔවුන්ව තෝරලා ඇරපු ජනතාව...
Gunapala Ayya Saturday, 20 May 2023 04:37 PM
තව ටික දවසකින් පාන් මිල අඩු කරාවි..., පරිප්පු මිලත් අඩු කරාවි.., සහනාධාර වැඩිකරාවි... ආයිත් මෙයාලාම පත්කරලා යවන්න. එතකොට තමයි ඔයාලගේ ළමයින්ටත් හොඳ අනාගතයක් හැදෙන්නේ...
ගමේ එකාලා Saturday, 20 May 2023 05:12 PM
දූෂිත පවුල් පාලනේ අය කරපු දේවල්වල ප්‍රතිඵල තමයි. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය, සුනාමි ආධාර ගසා කෑම, එකෙක් රොකට් යැව්වා, තවත් එකෙක් කාර් රේස් තිබ්බා. කොහෙවත් ඉන්න සල්මන් ඛාන් කෙනෙක් ගෙන්නුවා.. මහින්ද බල තණ්හාවෙන් පිස්සු වැටිලා අරලියගහ මන්දිරයේ දන්සැල් පාටි දැම්මා. ඩොලර් උගන්ඩාවට පැටෙව්වා. ලෝකෙටම පේන්න නැව් එන්නේ නැති වරාය, ගුවන් තොටුපොළ, නෙළුම් කුළුණ හදලා ඉන්න අය හොඳටම ගසා කෑවා. නූපන් දරුවන් ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත දේශපාලුවන්ට සාපවෙනවා.. රටට කරපු විනාශයට...
සාකැස්ටික් Saturday, 20 May 2023 09:25 PM
ඔබත් අදම දේශපාලනයට යොමු වන්න. ඉන් ඔබේත් දරුවන්ගේත් අනාගතය සුරක්ෂිත හා සැපදායී වනු ඇත..