
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) කොළඹින් ආරම්භ විය.
Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරට ගමන් කරන අතර, එහි දෙවන දිනය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය. එය 18 වැනිදා අනුරාධපුරයෙන් කොළඹ බලා පැමිණේ.
පාපැදි සවාරිය සමාරම්භක අවස්ථාවට සහභාගී වූ මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, රට යන රේස් එකට Lanka Ride නව ජවයක් එකතු කරන බවයි. රට සංවර්ධනය වෙමින් නව දිශානතියකට ගමන් කරන මොහොතක Lanka Ride පාපැදි සවාරිය සංකේතාත්මක වටිනාකමක් එකතු කරන්නක් බව ඔහු කීය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති වර්ෂයක ආරම්භක වැඩසටහනක් ලෙස Lanka Ride පාපැදි සවාරිය පවත්වන බවයි.
මෙම පාපැදි සවාරිය සඳහා කණ්ඩායම් 27ක පාපෙදි ක්‍රීඩකයෝ සම්බන්ධ වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd