IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රට පුරා කාන්තාවන්ට නොමිලේ රෝග පරීක්ෂාවක්

(සුජිත් හේවාජුලිගේ)

කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ  වැඩසටහනක් රට පුරා නොමිලයේ  ක්‍රියාත්මක කිරීමට රාජපුත්‍ර  පදනම තීරණය කර ඇත.

මෙහි දෙවැනි වැඩසටහන කොළඹ නවලෝක  රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගිය 30 වැනිදා බ්‍රහස්පතින්දා   පැවැත්විණ.

නවලෝක රෝහලේද අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන නොමිලයේ   සංවිධාන කරනු ලැබුවේ බොහෝ සමාජ සේවා කටයුතු වලට දායකත්වය දක්වන රාජපුත්‍ර පදනමේ සභාපති  සජීවී රාජපුත්‍ර  මහතා විසිනි.

පූර්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනට සමගාමීව පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී සංවිධාන කෙරිණ.

කාන්තාවෝ  දෙදහසක් පමණ මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලැබූහ.

වැඩසටහනේදී  අදහස් දැක්වූ සජීවී රාජපුත්‍ර  මහතා පැවසුවේ  මෙම වැඩසටහන රට පුරා නොමිලයේ  සංවිධාන කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

මෙහි පළමු වැඩසටහන මහනුවරදී පැවැත්වූ බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

රට පුරා කාන්තාවන්ට නොමිලේ රෝග පරීක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1921 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site