IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිගෙන් ආරාධනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී දැන ගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවයි.

ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් හත් දෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු කීවේය.

ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවැසූ අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයි ද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවැසුවේ මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක හිඟයක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දැනට 2042 ක් සිටින බව ද ඔහු කීවේය.

පසුගිය කාලයේදී රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලංකාවට පැමිණ ඇත්තේ සියයට හතළිහක් පමණක් බවත් දැන් එය 65 දක්වා හොද මට්ටමකට වර්ධනයවී ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දෙසීය එක් දෙනකු වයස හැටට වැඩි අය බවත් පන්සිය හතළිස් හයක් වයස 55-60 අතර අය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට (කාඩර් එක) කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා පැවැසීය.

හිතු හිතූ විදියට විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇතැයි පැවැසූ අමාත්‍යවරයා සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඒ අයට පැමිණීමට ආරාධනා කරන බවත් පැමිණීමට ඇති බාධා තිබේ නම් ඒවා ඉවත් කර දෙන බවත් ඔහු පැවැසීය

 



අදහස් (4)

රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිගෙන් ආරාධනයක්

de silva Friday, 08 August 2025 10:33 AM

මොන ආරාධනා ද , නඩු දමා රජයට සිදු වූ අලාභය අයකර ගන්නවා මිසක් දේපල තහනම් කර හරි අලාභය අයකරගන්න ඕනේ. අලුතෙන් දොස්තරලටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මේ ගොල්ලෝ ලව් කර කර ඉන්නවා.

:       0       3

ලූට මූස්Friday, 08 August 2025 11:44 AM

ඇමතිතුමා කියන විදියට ඉන්න ටිකත් ආරක්ෂා කරගෙන, අනිත් අයත් කොහොම හරි ගෙන්න ගන්න උත්සාහ කරනවා ඇරෙන්න ඔහේ කියන විදියට කලොත්, එතකොට ඒ රාජකාරිය කොරන්නේ ඔහේගෙ ලොකු අප්පොච්චිද?

:       0       3

සිද්දීක්Friday, 08 August 2025 11:48 AM

හලෝ මෝඩ සිල්වෝ, එතකොට ඒගොල්ලො රට දාල යන තැනට රට බංකොලොත් කරපු දේශපාලුවන්ට ඔහේ ඔය කියන ටික කරන්න කියන්නෙ නැත්තෙ මොකද?

:       1       1

කොන්දොස්තර Friday, 08 August 2025 10:37 AM

වෛද්‍යවරුන් වරියන් හිගවීම පුදුමයක් නැහැ. ජනතාවගේ බදු මුදලින් පළමු වසරේ සිට ඉගෙනුම ලබා වෛද්‍ය සේවයේ නොයෙදේ වෙනවෙන බහුබූත කරන්න ගියාම එහෙම වෙනවා රජයෙනුත් ඉගෙනුම ලබා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සේවය හැර යනවා නම් ඔවුන්ට රජයෙන් එක වසරේ සිටම ලබාදුන් අධ්‍යාපන වටිනාකම සියයට පනහක් බැගින් වැල්පොලිය සමග ගෙවීම අනිවාර්ය වූ නීතියක් හදන්නම ඕනේ. එහෙම නොකර මේ රට හදන්න නම් බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 326 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site