
(ඩයනා උදයංගනී)
රෙජිස්ටාර් තනතුර ලබාදීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම ද ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.
එමෙන්ම උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර්වරුන්ට උප්පැන්න මරණ ලියාපදිංචියේ දී දැනට හිමිවන රුපියල් 75 දීමනාව රුපියල් 150ක් දක්වාත්, කාර්යාල ලිපි ද්‍රව්‍ය දීමනා රුපියල් 500 සිට 750 දක්වාත් වැඩි කිරීමටත් සේවය අවසන් කිරීමේ දී රුපියල් 50000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා පාරිතෝෂික දීමනාවක් පිරිනැමීමටත් 2022 අය වැයට යෝජනා කිරීම සඳහා පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දුන්නේය.
ඔවුන්ට සාමදාන විනිශ්ජයකාරධූර ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පියවර ගන්නා ලෙස ද අගමැතිවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
රෙජිස්ටාර්වරුන්ට ලබා දිය හැකි සුදුසු රක්ෂණ ක්‍රමයක් ගැන සොයා බලන ලෙස ද රෙජිස්ටාර් ජනරාල් ඩබ්ලිව්.එම් එම්.බී වීරසේකර මහතාට අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා ඔවුන්ට පවතින වෘත්තිය ගැටලු ඉදිරිපත් කරමින් පැවසුවේ වැටුප් නොමැති දීමනා ලබන රෙජිස්ටාර්වරුන්ට තම වෘත්තිය කටයුතු පවත්වාගෙන යාමට සාමදාන විනිශ්චයකාරකම නොමැතිවීම ගැටලුවක් බවයි.
කොවිඩ් වසංගතය හමුවේ උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර්වරු පැය 24 පුරා සේවාවක නිරතව සිටින බව පෙන්වා දුන් දුෂ්මන්ත කරුණානයක මහතා වැටුප් නොලබන නිසාතම සාමාජිකයන්ට සුදුසු රක්ෂණ ක්‍රමයක් ලබා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඇමති තනතුරකුත් දුන්නා නම් ?
දිසාපතිකමක් දුන්නොත් පළාත් සභා චන්දෙට හොඳයි
මම දිසාපති කාර්යාලයක වැඩ කරද්දී හිතවතෙකුට සිදුවූ අත්දැකීමක් කියන්නම්කෝ... පුංචි අප්පු නම් රෙජිස්ට්‍රාර් වරයෙකු දිගුකලකට පෙර සිටියා එම කොට්ඨාසයේ උපන් දැරියකගේ පියා ඉතා දුප්පත්... නමුත් හිඟාකෑවේ නැහැ. මේ දැරිය උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් සඳහා යාමට උප්පැන්න සහතිකය බලද්දී පියාගේ රැකියාව ලෙස දක්වා තිබුනේ හිඟාකෑම කියලා.. ඉතින් මේ තරුණිය දිවි නසාගන්න හදනවිට අයියා එය වළක්වා ගත්තේ ඉතා අමාරුවෙන්. එම අයියා මා සමග ගොස් දිස්ත්‍රික්කයේ රෙජිස්ට්‍රාර් හමුවී ඒ වනවිටත් වරද කළ රෙජිස්ට්‍රාර් ජීවත්ව සිටී නිසා ගෙන්වා වරද නිවැරදි කළා... එහෙම උප්පැන්න සහතික වරදවා ලියන අයට දඬුවම් දෙන ක්රමයක්ද ඇති කරන්න...
අහිංසකයින් රවට්ටන්න හොඳට පුළුවන්...