IMG-LOGO

රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක්

විනීතා එම් ගමගේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට  සයිබර්  ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුටත් එම වෙබ්  අඩවිවලට පිවිසිය නොහැකි පරිදි එම අඩවි වසා දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශවල වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගේ 
උවමනාවට යැයි හෙලිවෙමින් පවතින බව රජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධව ආයතන දෙකම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද දැනුම්දී  තිබේ.



අදහස් (21)

රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක්

de silva Saturday, 30 May 2020 05:27 AM

ඕවා ක්‍රියාත්මක වුනත් පුරවැසියන්ට නිසි සේවයක් වෙන්නේ නැහැ. එම නිසා ඕවා අක්‍රිය වුණා කියලා විශාල ප්‍රශ්නයක් නැහැ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 05:28 AM

මළ කෙළියයි මහරජ ... කිව්වාලු.. මහා පුදුම දේවල්නේ දැන් සිද්ධ වෙන්නේ... අනේ මන්දා..!!! 

:       0       34

karu Saturday, 30 May 2020 06:51 AM

ආණ්ඩුව හදපු බොරුවක්..!!! අතේ පැලවෙන බොරුවක්...!!!

:       0       23

neelSunday, 31 May 2020 09:05 AM

පුදුමාකාර වැදගත් ලෝකයේම අැති සුප්‍රසිද්ධ සයිට් දෙකක් නේ. ඒකයි මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශවල වෙසෙන එල්ටීටීඊ හිතවාදීන්....

:       0       22

Tharindu Perera Saturday, 30 May 2020 07:03 AM

අපේ සර් හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ... එයාගේ පාලනයක් යටතේ කාටවත් සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නෑ කියලා ඉස්සර කට්ටියක් කිව්වා වගේ මතකයි.

:       0       48

prabhathSunday, 31 May 2020 09:12 AM

විදේශ සේවා කාර්යාංශයේ ඉන්න පන්ඩිතයින් කෝ දැන්? ඒක හොර ගුහාවක් කියලා කිව්වේ ඇමතිවරුමයි. හොරු ඇල්ලුවද? තාම හොරු ඇතුළෙම නේද? ඇමතිවරුන්ගේ හොර අල්ලන්නේ කොහොමද? නිලධාරින් හෙවත් හොරු ටික අල්ලලා දඬුවමක් දෙන්න බැරි වුණු රටේ...

:       0       229

mohamed Saturday, 30 May 2020 07:08 AM

හොඳයි, නියමයි..

:       0       0

mihira Saturday, 30 May 2020 07:10 AM

නොහැකියාව වහගන්න කියන පට්ටපල් බොරුවක් මේ..

:       0       216

lalaSunday, 31 May 2020 08:54 AM

ප්‍රහාරය වුණු සැනින් කියන්න දන්නවා කවුද කලේ කියලා. හැබැයි කරපු රට දන්නේ නැහැ. බොරුවක් කිව්වත් ටිකක් නිර්මාණ ශීලි වෙන්නත් ඕනෑ නේද?

:       0       1304

kumara Saturday, 30 May 2020 08:16 AM

ඕවා තිබුණා කියලා වැඩක් ඇති ඒවායැ?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 08:21 AM

මෙය මේ දිනවලම සිදුවූයේ මන්දැයි යන්න ගැටලූවකි. තොණ්ඩමන් සිද්ධියට විශාල අනුග්‍රහයක් ලබුණානේ.ඒ නිසා දෙමළ මිනිසුන් ටික සිංහලයන් හා සමගියෙන් සිටියොත් කොටි සටන ගෙනියන්න බාධාවක් නේ.ඒ නිසා මෙසේ කරායැයි සිතන්නට පුලුවන්.මේ වැඩේට බොහෝවිට කොටි වෙනුවෙන් හඬ නගන ද්‍රවිඩ දේශපාලකයන් සබඳකමක් තියෙන්නට පුළුවන්.

:       96       167

Don Saturday, 30 May 2020 12:21 PM

කිසිම කෙනෙකුට වැඩක්ම නැති රජයේ ආයතන දෙකක්...

:       0       85

Nishan Saturday, 30 May 2020 11:14 PM

මේක ඇතුලෙම වැඩක් වෙන්න බැරිද? නැතිවීගෙන යන ජනතා ප්‍රසාදය ජාතිවාදය අවුස්සා නැවත ලබා ගැනීම අරමුණ වෙන්න පුලුවන්...

:       2       22

Kumar Sunday, 31 May 2020 01:10 AM

මෙම ප්‍රහාරය එල්ල කලේ මොන රටෙන්ද යන්න දන්නවා නම් ලක්රජය ඒ රටට විරෝධය පලකරන්නේ නැත්තේ මොකද?

:       0       4

karuSunday, 31 May 2020 07:30 AM

මෙය අපේ කට්ටිය කරපු වැඩක්... සෑහෙන ගානකට විදලා ඊට පස්සේ ඒ ෆයිල් අතුරුදහන් කරලා... කොටියාව ඇල්ලුවා...

:       0       53

Gamage Sunday, 31 May 2020 02:23 AM

මැද පෙරදිග අහිංසක ජනතාව ගෙන්න බැරිනම් කෙලින්ම බැහැ කියන්න. මේතන සයිබර් ප්‍රහාරයක් කියලා බොරු නොකියා. මේ අය පටන් ගත්තෙ බොරුවෙන්. අන්තිමය දක්වා කරන්නෙත් බොරුව....

:       0       58

sachith Sunday, 31 May 2020 03:54 AM

ලංකාවේ තියෙන රජයේ වෙබ්සයිට් ගොඩක් හදන්නේ අඩුම අවුරුදු 5-10ක් පරණ තාක්ෂණේ පාවිච්චි කරලා. හැබැයි තොරතුරු තාක්ෂණ අායතනයෙන් දන්නේ බිලියන ගණන් වල බිල්... එ්කේ වැඩක් කරයි කියලා හිතපු සංජිව වීරවර්නත් ඉල්ලා අස්වෙලා තිබ්බේ.. ඩ්‍රයිවින් ලයිසන් වලට බිලියන 9ක ප්‍රොජෙක්ට් එකක්, කෝච්චි ටිකට්වලට බිලියන 3ක පරණ තාක්ෂණයක් ගෙනත් ගහන්න යන සිද්ධියකට...

:       0       65

rana Sunday, 31 May 2020 06:11 AM

ඕවා තිබිලා මොකටද ? යාවත් කාලින කරන්නේ නැහැ. යොමු කරන ලිපියකට පිළිතුරු නැහැ. නිකන් බොරු සෝබන පමණි.

:       0       1

Wimal Sunday, 31 May 2020 08:18 AM

රාජ්‍ය පරිපාලනේ වෙබ් අඩවියට හැකරුන් කොටලාලු.. පුදුමයි අහන්නට යන්නට තැනක් තිබුනේම නැත්නම් ඔවුන්ට නරකද ගියානම් පොදු වැසිකිලියකට?

:       0       1

Prasad Sunday, 31 May 2020 09:07 AM

ඡන්දෙ කිට්ටුවෙනකොට ටැමිල් යුද්ධය හා පාස්කු ප්‍රහාරය මතක් කරනවා..

:       0       38

keerthi Sunday, 31 May 2020 09:14 AM

අපේ රටේ මිනිස්සුවත් ගණන් ගන්නේ නැති ආයතන දෙකක වැඩකට නැති සයිට් දෙකකට ප්ලෑන් කරලා ගේම් දෙන්න ත්‍රස්තවාදින්ට වෙන වැඩ නැතිව ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site