
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී අද පැවැත්විණ.
දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බව ජනාධිපති කාර්යාලය පවසයි.
කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා පඬු පෙවීමෙන් පසු සාංඝික කිරීම පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.
කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබීය.
පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට අනතුරුව පූජා කළේය.
දහවල් දානය පිළිගැන්වීමද ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් අතින් සිදු කෙරිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් දැන් නම් රට බංකොළොත්...
වැදි බණ කියන කැකිල්ලේ රජවරු... මිනිස්සුන්ට එක්රැස් වෙන්න එපා කියකියා මේ මිනිස්සු මෙහෙම කරද්දී කවුද කොරෝනා ගැන හිතන්නේ...? ආගමත් තමන්ගේ වාසියට ගන්නවා...
මේවා කරලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ නේද?
හා දයාසිරිත් ඉන්නවා...
ඔහොම කටින චීවරයක් පූජා කරන්න, බණකට එහෙයි කියන්ඩ, සාදු කාරයක් දෙන වැඩ තමා ඔය ගොය්යට පුළුවන්. රටක් පාලනය කරන්න, ආර්ථිකේ හසුරුවන්ඩ, අඩුම තරමේ දුර දිග බලලා රිවස් නොවෙන ගැසට් එකක් ගහගන්ඩ වත් බෑ.
ඉස්සෙල්ලා කඨින චීවරේ... පස්සේ කුලපතිකමක්.. එහෙමද?