
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.
ඔහු පත් කිරීමට අනුමැතිය දී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ව්‍යවස්ථා සභාවෙන් යැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ. මෙම ප්‍රකාශය සැලකිල්ලට ගෙන එම පත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර ඇති බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද සමාජයේ ආන්දෝලනයක් මතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව තුල අබල දුබල විපක්ෂයට කෙදිරි ඒ ගැන ගාන්න ඉඩ දෙන්න එපා කතානායකතුමනි, අවශ්‍ය නම් ව්‍යවස්ථා සභාව තුල පමණක් කතා කරන්න ඉඩ දෙන්න ! එහෙම බැරි නම් උසාවි යන්න කියන්න. එහෙම නැතුව පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර ගන්න හදන අබල දුබල විපක්ෂයේ මොංගල් ඩයල් වලට යට වෙන්න එපා..........
සමගි ජනබලවේගයෙ ඉන්නෙ වැඩි හරියක් දුෂිතයො. ඒ හින්ද ඒ රැල තමන්ගෙ වැරදි වැඩ වලට වැලිකඩ යවන්න ලැස්ති වෙන මිනිහට විරුද්ද වීම හිතාගන්න පුලුවන්, හැබැයි හොරු රැල දැනගන්න ඔන ජනතාව ඉන්නෙ රංග දිසානයක මහත්තය සමග කියල
සමාජයේ මේ වනවිට තිබෙන එකම කථා බහ මේ රංග දිසානායක මහතාට මීට වඩා බලයක් නිදහසක් තිබියයුතු බවයි.. දැන් සුනු විසුනු වෙච්චි අනාථ නිකමුන්ට පට්ට හිසරදයක් වෙලා තියෙන්නේ මෙතුමා නිසා හිරේ ගිහින් දේපල රාජසන්ත වීමට ඇති අසීමිත භීතිය.. අද ඡන්දේ ඉල්ලුවොත් රංග මහතා 99% ක් ඡන්ද ගන්නවා ස්ථිරයි
කම්බ හොරු එකතු වෙලා හරිහැටි වැඩ කරන අය එලවා ගන්න දඟලනවා.
දූෂිතයෝ අල්ලන්න පත් කරපු කෙනා දූෂිතයෙක් නම් ඔහුගේ තීරණත් දූෂිතයි. මේ පුද්ගලයාට විරුද්දව බලය අයුතු ලෙස යොදාගෙන තමුන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් කලා කියලා චෝදනාවක් තිබිලා තියෙනවා. එය විභාග කොට තිබෙන්නෙත් එයාමයි. එයාගේ විභාගෙන් එයා විසින් එයාව නිදොස් කොට නිදහස් කරගෙන. අළුත්ම එක එයා ජේවීපී එකේ අභ්‍යන්තර නායකයෙක් කියන එක. මේ තනතුරට පත්වීමේදී දිවුරුම් ප්‍රකාශයකින් කියනවා... තමුන් එහෙම කෙනෙක් නොවන බව... දැන් එතැනත් ප්‍රශ්නයක්. වැදගත් මහත්මයෙක් නම් හෝ මාලිමා ආණ්ඩුව ඝෝෂා කරපු සුපිරිසිදු ආණ්ඩුවක කෙනෙක් නම් තමුන්ගේ සහ ආණ්ඩුවේ වැදගත්කම්..., ප්‍රතිපත්ති මත ඉල්ලා අස් විය යුතුයි. නැත්නම් ඒ චෝදනා විභාග කරන්න ස්වාධීන ආයතනයකට බාරදිය යුතුයි. එතෙක් තමුන් මේ තනතුරේ කටයුතු කිරීමෙන් ඉවත් විය යුතුයි. මේ කිසිවක් වෙනවා පේන්නේ නම් නෑ. ඒ වෙනුවට අනිත් අයට ඇඟිල්ල දික් කර කර ඉන්නවා.