IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රැකවල් මැද නෝර්වුඩ් ප්‍ර.ස. වැඩ අරඹයි

( රංජිත් රාජපක්ෂ  )              

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන්  සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් යන මහත්වරු  දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද  (02) සභාවට පැමිණ සර්ව ආගමික  වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළහ.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියොජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයින් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයින් 05 දෙනා සහ ආධාරකරුවන් සමඟ සභාවට පැමිණ නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්යමණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිතර විය.

නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව  අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි.

 



අදහස් (0)

රැකවල් මැද නෝර්වුඩ් ප්‍ර.ස. වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site