(ඩයනා උදයංගනී)

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වූවාය.

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වූ අතර  වේදිකා නිළියක ලෙසද කටයුතු කර තිබේ.

කලක් රෝගාතුරව සිටීම හේතුවෙන් රංගන කටයුතුවලින් පවා ඈත්ව සිටි ඇය පසුව කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.