(අංජුල මහික වීරරත්න)

මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී මැද පෙරදිග අර්බුදය නිසා පනවා තිබූ සීමා ඉවත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මැද පෙරදිග කලාපයේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා රජයේ වියදම් පාලනය කිරීම සඳහා 2026-03-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉන්ධන දීමනාව 2026-03-01 දින පැවති ඉන්ධන මිල මත පදනම්ව ගණනය කිරීම සඳහා නිකුත් කරන ලද 2026-04-02 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ අංක 01/2026, අවලංගු කිරීමට කටයුතු කරන බව එම චක්‍රලේඛයේ සඳහන්ය.

2026 -06-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ  තීරණය පරිදි ඉහත චක්‍රලේඛය නිකුත් කරන බවද භාණ්ඩාගාර ලේකම්වරයා කියයි.

ඒ අනුව ජුලි 1 දින සිට බල පැවැත්වෙන පරිදි

අදාල ඉන්ධන සීමා ඉවත් කෙරෙන  බවද චක්‍රලේඛයේ සඳහන්ය.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්

පළාත් ප්‍රධාන ලේකම්වරුන්,විශේෂ වියදම් ඒකක හා කොමිෂන් සභාවල ප්‍රධානීන්,

දෙපාර්තමේන්තු ප්‍රධානීන්/දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මෙම චක්‍රලේඛය යවා තිබේ.