
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරයේ තුළදී ඊයේ (07) ඇතිවූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන්අනතුරුව නිලධාරීන්ගේ අවසන් ගෞරවය දැක්වීම සඳහා බොරැල්ල බන්ධනාගාර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ගැටුමෙන් මියගිය ජේලර් එස්. එච්. එස්. චන්ද්‍රවංශ , නියාමකවරුන්වන එස්. ඩි. එස්. අබේවංශ, ඒ. ඩි. තරංග, ටි. එම්. ආර්. තිලකසිරි , බි. එන්. එන්. තරංග, ඩි. ඩඩ්ලිව්. පුෂ්ප කුමාර සහ ආර්. පි. ආර්. සංජීව මහත්වරුන්ගේ දේහයන් එසේ රැගෙන යාමට නියමිතය.
රැඳවියන් අතර ඉකුත් 5 වැනි දින සිදු වූ ගැටුමෙන් රැඳවියන් 34 දෙනකු තුවාල ලබා මීගමුව ඇතුළත් කර තිබූ අතර එයින් දෙදෙෙකු එදින මියගොස් තිබිණි. බන්ධනාගාරය තුළදී ඊයේ (06) දින නැවතත් රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් අතර කලහකාරි තත්ත්වයක් ඇතිවී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු සහ රැඳවියන් 19 දෙනකු මිය ගොස්ති බිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂෙ කියන දේවල්වලින් තේරෙන්නේ මැරුණු ගාන ඒ අයට මදි වගේ.
අතිශ්‍යයින්ම කණගාටුදායකයි. රාජ්‍ය නිළධාරීන් මේ ආකාරයෙන් මිය යාම රටකට කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. ලංකාවේ බන්ධනාගාර යනු රටේ තිබෙන අන්ත දුෂිත ආයතන කිහිපයෙන් එකක්. එමෙන්ම, පාතාලය සහ මත් ද්‍රව්‍ය බන්ධනාගාරයට සම්බන්ධ වීම ජාතික ගැටලුවක්. මේ සියල්ම පාලනය කරන්නට තරම් ආණ්ඩුවට වුවමනාවක් තිබෙද? හැකියාවක්, ආකල්පයක් තිබෙ දැයි සිතිය යුතුය