(එම්.සුසිල් පියන්ත)

මැද පෙරදිග ඇවිලී ඇති යුද  ගිනිදැල් වහා නිවී ලෝක සාමය උදාවේවායි පතමින්  කරමින් වසර තුන් සියයක ආයු කාලයක් ඇති සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් සියයක් මුහුදට නිදහස් කිරීමේ පිංකමක් ඉඳුරුව වෙරළ තීරයේදී ඊයේ (14) පස්වරුවේදී පැවැත්විණ.

ගෝනගල මහා පිරිවෙනෙහි නියෝජය පරිවේනාධිපති,විහාරාධ්පති කුඹල්ගම විපුලසිරි හිමියන් පමුක මහා සංඝරත්නයේ සහ කොස්ගොඩ පොලීසියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  මෙය පැවැත්විණි.

ඉඳුරුවේ සමාජ සේවකයකුවූ චන්දි කමල් මහතාගේ  කැස්බෑ සංරක්ෂණ මධයස්ථානයෙන් සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් මෙදින මුහුදට නිදහස් කෙරුණු අතර මේ කැස්බෑ පැටවුන් සඳහා කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් නොගෙන මේ සත් කාර්ය සඳහා එම පැටවුන් ලබාදීම විශේෂත්වයකි.