
(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.
යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වන ප්‍රධාන ගේට්ටුවට අගුලු දමමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන මාර්ගයේ වාඩි වි සිසුහු මෙසේ විරෝධථාවයේ නිරත වී සිටියහ.
2022 වර්ෂය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ නිලවරණය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නොපැවත්වීම හේතුවෙන් පැරණි මහාශිෂ්‍ය සංගමය එක්ව නිලවරනය පවත්වා මහාශිෂ්‍ය සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට පියවර ගෙන තිබුණි.
නමුත් මහාශිෂ්‍ය සංගමයේ නව නිලධාරී සිසුන් පත්කිරීමේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් නොවීම හේතුවෙන් අදාල නිලධාරී සිසුන් පිළිනොගන්නා ලෙසට පාලනාධිකාරිය සිසුන්ට දැනුම්දීම හේතුවෙන් මෙලෙස විරෝධතාවය පැවත්වීමට හේතූ වී ඇත.
විරෝධතාවයේ නිරත වූ සිසුන් විසින් පාලනාධිකාරියට බලකරමින් කියා සිටියේ මහා ශිෂ්‍ය සංගමයට පත්කරගන්නා නිලධාරීන් වහාම පිළිගන්නා ලෙසටය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි සෙට් එකක් ඔය මහ ශිෂ්‍ය සංගමය කියන්නේ
අර සංගම්, මේ සංගම් හදාගෙන පිස්සු කෙළිනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට සේවයක් කරන අදහසක් ඇත්තේම නෑ. මේ ළමයි රාජ්‍ය සේවයට ආපු දවසේ ඉඳන් බලන්නේ මොකක් හරි හේතුවක් හොයාගෙන වැඩ වරන්න. හිස් පණ්ඩිතකමයි, කටවාචාල කමයි ඇරෙන්න උසස් අදහස් ඇත්තේම නෑ. මේවා හැදෙන්නෙත් නෑ. පිරිහීම එන්න එන්නම වැඩි වෙනවා...