(ලක්මි කුඩලිගම)
මතුගම නෑබඩ පාර හොරණ මාර්ගයේ හිරිකැටිය හංදියේදි අද (1) උදෑසන යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෞද්ගලික බස් රථයක ගැටී බස් රථයට යටවීමෙන් 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මිණිපාය, තවලම පදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවෙකු වූ අගලවත්ත කම්කානම්ගේ හසිරු සංදීප නැමැති (23) හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය කියයි.
මෙම තරුණයා තම යතුරු පැදියෙන් මතුගම දෙස සිට හොරණ දෙසට ගමන් කරන අතර තුර නෑබඩ හිරිකැටිය හංදියේදී යතුර පැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරිපසින් හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී ඉදිරිපස රෝදයට යටවීමෙන් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණපවත්වයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යතුරුපැදි-බස් අනතුරින් සරසවි සිසුවා මරුට