IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  නිපුන් නිර්මාල් පුෂ්පකුමාර යන අවුරුදු විසිවන වියති තරුණයකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු වැලිකන්ද නගරයට ගොස් ආපසු නිවස බලා ගමන් කරමින් සිටියදී වම් පසින් ආ මී ගවයකු බේරා ගැනීමට යෑමේදී, යතුරුපැදිය දකුණු දෙසට හරවා ගැනීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කිරීමට නොහැකි වූ යතුරු පැදිය කුඹුක් ගසක ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය දකුණු දෙසට ගමන් කරන විට පිටුපසින් පැමිණි, වැලිකන්ද සිංහපුර පදිංචි අවුරුදු 19 ක් වයසති තවත් යතුරු පැදි කරුවකු එම යතුරුපැදියේ ගැටී තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

චමින්ද Sunday, 28 April 2024 08:01 AM

මාර්ග වල මීහරක් දක්කන මීහරක් නැහැ. හරිම කරදරයක් තියෙන්නෙ. මේවා ගැන බලන්න කෙනෙක් නැහැ .හැමදාම කියනවා වගේ ලංකාවට යතුරු පැදි කියන්නෙ බෝම්බ වලට හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වඩා දරුණු වාහනයක් කියන්න පුළුවන් .රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හෝ යතුරු පැදි මරණ සම්බන්ධ වාර්තා ප්‍රසිද්ද කරනවා නම් රටට සෙතක් වේවි

:       0       1

sam Sunday, 28 April 2024 08:28 AM

මියගිය අයට නිවන් සුව...!. තුවාල ලැබූ අයට ඉක්මන් සුව! දෙන්නා රේස් ගියා කියලා හිතෙන්නේ මොකද මන්දා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site