රුසියාවේ සිටින සියලූම යුක්රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.
යුක්රේන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ”යුක්රේන ජාතිකයන් හේතුව කුමක් වුවත් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත් රුසියාවේ සිටින යුක්රේන පුරවැසියන් වහාම රුසියාවෙන් ඉවත් වන ලෙසත්ය”
මෙම අනතුරු ඇඟවීමට ඇහුන්කන් නොදෙන පුරවැසියන් ආරක්ෂා කිරීම යුක්රේනයට අපහසු වනු ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.
රුසියාව යුක්රේනයේ සිටි රාජ තාන්ත‍්‍රිකයන් ඊයේ ඉවත් කර ගත්තේය.
යුරෝපා සංගමයේ රටවල මුදල් අමාත්‍යවරුන් රුසියානු ආර්ථිකයට දැඩි සම්බාධක යෙදවිය යුත්තේ කුමන ආකාරයෙන්ද සාකච්ඡා කිරීම සඳහා ලබන 25 - 26 දින මුණගැසීමට නියමිත බව ප‍්‍රංශ මුදල් අමාත්‍ය බෘනෝ ලේ මෙයාර් පැවසීය.
නොර්ඞ් ස්ට‍්‍රීම් 2 ගෑස් නලය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම ඇමෙරිකාවේ සම්බාධක සහ පවතින වාතාවරණය හේතුවෙන් රක්ෂණ ගිවිසුම අවලංගු කර ඇත.
බි‍්‍රතාන්‍ය විසින් යුක්රේනයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ රුසියාවේ පීඩන හමුවේ නැගී සිටීමට ඩොලර් මිලියන 500 ණය මුදලක් අනුමත කර ඇත.
යුක්රේනයේ අතිරේක හමුදා වල සිටි සෙබළුන් 36000 ක් මේ වන විට යුක්රේන හමුදාවලට බඳවාගෙන ඇති අතර 18-60 දක්වා අතිරේක හමුදා වල සිටින සෙබළුන් වසරක සේවා කාලයකට යටත් බව පවසයි. එමෙන්ම යුක්රේන ආරක්ෂක කවුන්සිලය යුක්රේනය තුල හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර යුක්රේන පාර්ලිමේන්තුව වන ‘රාධා‘ හි අනුමැතිය ලැබෙන තෙක් සිටි.
ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට ඡුන්දය දුන් රුසියානු පාර්ලිමේන්තුවේ දුමා ලෙස හදුන්වන පහල පෙළ මන්ත‍්‍රීවරු 351 දෙනකුට යුරෝපා සංගමය සම්බාධක පනවා තිබේ.මෙම මන්ත‍්‍රීවරු 351 දෙනාට යුරෝපයේ සුඛෝපබෝගී භාණ්ඩ මිලදී ගැනීම වළක්වාලමින් සම්බාධක පනවා ඇත.
(034)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි