යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක් බෙලරුස් වෙත පැමිණ ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
"එළඹී ඇති එකඟතාවයට අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපති පරිපාලන ඇතුළු අනකුත් දෙපාර්තමේන්තුවල නියෝජිතයින්ගෙන් සමන්විත රුසියානු නියෝජිත කණ්ඩායම යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා බෙලාරුස් වෙත පැමිණ ඇත. එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා ගොමෙල් නගරයෙ හි ආරම්භ කිරීමට අපි සූදානම්,"පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.
රුසියාව සාකච්ඡා සඳහා සූදානම් අපි ඉන්නේ යුක්රේනයේ දූත පිරිස එනකන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
බෙලරුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ රුසියාව සහ යුක්‍රේනය අතර ගෝමෙල් හි සාකච්ඡා සඳහා අවශ්‍ය සියල්ල මින්ස්ක් විසින් සූදානම් කර ඇති බවයි.
මෙම ප්‍රකාශයට කෙලින් ප්‍රතිචාර දක්වා නැතත් ජනාධිපති සෙලෙන්ස්කි ගේ ටෙලිග්‍රෑම් ගිණුමේ ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පණිවිඩයකින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට රොකට් ප්‍රහාර එල්ල කරන බෙලරුසියාවේ සිට තමන් සාකච්ඡ කිරීමට සුදානම් නැති බවයි.
ජනාධිපති සෙලෙන්ස්කි සාකච්ඡාවට සුදානම් නගර ලෙස පෝලන්තයේ වර්සෝ,හංගේරියාවේ බුඩාපේස්ට් සහ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නම් කර තිබුණි.
දිමිත්‍රි පෙස්කොව් ගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස යුක්රේන ජනාධිපති මාධ්‍ය ලේකම් සර්ගේ නිකිෆොරෝව් පැවසුවේ රුසියානු දූත පිරිස සාකච්ඡා සඳහා ගොමෙල් වෙත පැමිණ ඇති බවට ප්‍රකාශ අපට අසන්නට ලැබුනා නමුත් යුක්රේනයේ කිසිදු නියෝජිතයෙකු එහි යන්නෙ නැහැ ඇත්ත වශයෙන්ම එවැනි දෙයක් අපි සාකච්ඡ කළා නමුත් අවසාන මොහොතේ රුසියාව යුක්රේන හමුදාවට ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටියා අනිත් එක අපි බෙලරුසියාවේ සාකච්ඡ තියන්න කොහොමත් කැමති නැහැ"
මේ අතරතුර ප්‍රකාශයක් නිකුත් කරමින් බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පැවසුවේ කිසිම රොකට් ප්‍රහාරයක් බෙලරුසියාවේ සිට යුක්රේනයට එල්ල නොවන බවත් යුක්රේනයේ තම හමුදා නොමැති බවත්ය.
නමුත් යුක්රේනයේ සිටින බෙලරුසියානු ජනතාවට දිගින් දිගටම අකටයුතු කම් වන බව පැවසූ ඔහු එසේ දිගටම අකටයුතුකම් සිදු වුවහොත් තමන්ටද විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුවනු ඇතැයි පැවසීය.
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේන රුසියා සාම සාකච්ඡාවට තැන හරස්වෙයි