
(එච්.එස්. ඒ නන්දන සහ කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ලබුගම පතගිවත්ත ප්රදේශයේ උත්සව ශාලාවකට පැමිණි මෝටර් රථයක් අද (22) දහවල් එම උත්සව ශාලාව අසලදී අඩි 30 ක් පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයෙහි සිටි දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි
අදාල මෝටර් රථයෙහි එකම පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුලු අඹුසැමියන් ගමන් කර ඇති බවත් තුම්මෝදර - කලුඅග්ගල මාර්ගයේ සිට බෑවුම් සහිත මාර්ගයක් ඔස්සේ ධාවනය කිරීමේදී එක්වරම මෝටර් රථය ප්රපාතයට පෙරලී ගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
පසුව ප්රදේශවාසීන් එක්ව මෝටර් රථයෙහි සිර වී සිටි පිරිස බේරා ගෙන අනතුරට ලක්වූ අය සමග පැමිණි තවත් පිරිසකගේ වාහනයකින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd