(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
2015 ජනවාරි 9 සිට 2019 නොවැම්බර් 18 දක්වා ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සේවය කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මුලින් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසක ජීවත් වූ අතර අධිකරණ නියෝගයක් අනුව එම නිවසින් ඉවත් වීමට සිදුවිය.
රජය මෛත්‍රිපාල සිරිසේන මහතාට කොබ්බෑකඩුව මාවතේ පිහිටි රජයේ නිවස ලබා දුන්නේ ඉන් අනතුරුවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11)විජේරාම නිවසින් ඉවත්ව ගිය අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවෙසින් ඉවත් වීමට මාස දෙකක පමණ කාලයක් ඉල්ලා ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ එම ඉල්ලීමට රජය පාර්ශවයෙන් විරෝධයක් එල්ල නොවනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත් 10 වැනිදා සම්මත වීමත් සමග ඔවුනට රජයෙන් ලබා දී තිබූ නිවාස, ලේකම් දීමනා,කාර්යාල ආධාර, නිල වාහන, ඇතුළු සියලු වරප්‍රසාද අහිමි විය.
හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ලැබෙන්නක් හෙයින් ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත ඒ සඳහා බල පැවැත්වෙන්නේ නැත. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කැබිනට් තීරණයක් අනුව ලැබෙන හෙයින් නව පනත සම්මත වීම හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් බලපෑමක් එල්ල නොකෙරෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි