IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මේ ආණ්ඩුවත් පාස්කු නැටුමක් නටනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත් පිල්⁣ලෙයොන් තියාගෙන නැටුමක් නටන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂය ප්‍රශ්න අහන්නේ ගොවියාට අවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් නොකෙරෙන නිසා. ඒ දේවල් හරියට කෙරෙනවා නම් මේ අර්බුද ඇතිවන්නේ නැහැ.ඒ වගේම ආණ්ඩු පක්ෂයේ  අය කොතරම් එකිනෙකාට අපහාස කරලා තියෙනවද කියලා හෑන්සාඩ් වාර්තා අරගෙන බලන්න.ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ස්වාධීන ආයතනයක්. මේ අයට බලතල ගොඩක් දීලා තිබුනා.දැන් අධි බාර සමාලෝචන කමිටුවක් පත් කරන්න යනවා. මේක වෙනම ආයතනයක්.එතකොට මේ ස්වාධීනා ආයතනයට වෙන්නේ මොකක්ද?හැම නිලධාරියාම බය කරලා තමන්ගේ අතට ගන්න වැඩ පිළිවෙලක් මේ විගණන පනතින් සිදු නොවිය යුතුයි.ඒ වගේම ඔබ තුමාලාගේ ජාතික ලැයිස්තුවේ හිටපු පාස්කු ප්‍රහාරයේ ඊබ්‍රහම් නානා ගැන පරීක්ෂණ ගැන මුකුත් ඔබතුමාලා කියන්නේ නෑ.මතක තියාගන්න, මේ රටේ පාස්කු ප්‍රහාරය ගැන තමුන්නාන්සේලාත් අනෙක් අය වගේම නැටුමක් නටනවා. පිල්ලෙයන් තියාගෙන නටවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

මේ ආණ්ඩුවත් පාස්කු නැටුමක් නටනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site