IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මේ අවුරුද්දේ 3000 ක් කොරියා රස්සා වලට ගිහින්

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා හිමිවූ ලාංකික තරුණියන් 36 දෙනකු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයෙන් දකුණු කොරියාව බලා අද(14) පිටත්ව යාමට නියමිතය. 

ඊට තරුණයෝ 33 දෙනෙක්  හා තරුණියෝ තිදෙනෙක් අයත් වෙති.

2025 වසරේ ගතවූ කාලයේ ශ්‍රී ලාංකිකයින් 2927 දෙනකු කොරියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඊට තරුණියන් 100 දෙනෙකුද අයත් වේ. නිශ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනකුට රැකියා අවස්ථා හිමිවී ඇත.

එසේම ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 25 දෙනකුද, සේවා අංශය සඳහා 23 දෙනකු හා කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත.

මේ අතර, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 200ට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වන විට පිටත් කිරීමට කාර්යාංශය සැලසුම් කර තිබේ.

2025 කොරියා භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ඔක්තෝම්බර් 23 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

මේ අවුරුද්දේ 3000 ක් කොරියා රස්සා වලට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 680 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site