(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රී ලාංකියයන් නිදහස් කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කීපවතාවක්ම මියන්මාර හමුදා රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව තානාපති ජානක බණ්ඩාර මහතා පැවැසුවේය.මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මියන්මාරයේ රාජ්‍ය නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් ආවුන්ග් ලායින්ග් පසුගිය මාර්තු 4 වැනිදා මුණ ගැසුණු අවස්ථාවේ එම ශ්‍රී ලාංකිකයන් 15 දෙනා නිදහස් කර ගැනීම සඳහා පුද්ගලිකව ඉල්ලීමක් කළ බවත් තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඉහත උත්සාහයන් සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් 15 දෙනා මුදා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඉදිරියේදී එම ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට කටයුතු කරන බවත් තානාපතිවරයා පැවැසුවේය.
මියන්මාර මුහුදු සීමාවට නීති විරෝධිව ඇතුළු වීම හේතුවෙන් රයන් පුතා සහ ලෝරන්ස් ධීවර නෞකා දෙක සහ එහි සිටි ධීවරයන් 15 දෙනා මියන්මාර බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.පසුව එම ධීවරයන් වරද පිළිගැනීම හේතුවෙන් වසර 7 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් එම ධීවරයන්ට නියම විය.
මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.
මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්
දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිව
ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.
රුපියල් කෝටි හතක මුදලකට ගජමුතු පහක් අලෙවි කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් සිව් දෙනකු ජයල රුක්මණී දේවී හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව ජා ඇල පොලිසිය පවස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස