
(බී. ජී. චතුරංග )
යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරුන් පිරිසක් අද (13) මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය ඉදිරිපිටට පැමිණ උපවාසයක නිරත වූහ.
යුද්ධයේදී මිය ගිය තම ස්වාමි පුරුෂයන් වෙනුවෙන් ලබාදුන් මාසික පාරිතෝෂිකය අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු ගෙවීම නවතා දමා විශ්‍රාම වැටුපක් නොගෙවෙන බව පවසමින් මෙම පිරිස උපවාසයේ නිරත වූහ.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් මියගිය සිවිල් ආරක්ෂකයන් 545 සදහා ඔවුන්ගේ අවුරුදු 55හේ වයස් සීමාව සම්පූර්ණ වන තෙක් මාසිකව වැටුපක් ලැබුණත්, එය 55 පසුව නොලැබීම නිසා 2016 වර්ෂයේ පමණ සිට ජීවිතක්ෂයට පත් වූ සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ යැපෙන්නන් මෙතෙක් දැඩි පීඩාවන් විඳිමින් දිවි ගෙවන බව ඔවුහු පවසති.
යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන් අතුරෙන් විශ්‍රාම වැටුපක් ලැබීමට දැනට හිමිකම් කියන්නේ 291 දෙනෙකු බවත් වත්මන් රජය බලයට පත් වූ පසුවද මේ පිළිබඳව දැනුවත් කිරීම් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන් උපවාසයේ නිරත වන බව එම පිරිස් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරු උපවාසයක