(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසුණු හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එහි නිලධාරීනියකට විවිධ අසාධාරණකම් සහ වෙනස් කොට සැලකීම් සිදු වී ඇති බව තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම කමිටුවේ වාර්තාව හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ (24) බාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කතානායකවරයා විසින් මෙම බාහිර විමර්ශන කමිටුව පත් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අභ්‍යන්තර කමිටු දෙකක් මීට පෙර පත් කෙරුණද පැමිණිලිකාර නිලධාරිනිය එම කමිටු දෙකේම නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බාහිර විමර්ශන කමිටුව මෙසේ පත් කෙරිණ.
මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් පාර්ලිමේන්තු පාලනාධිකාරිය විසින් මීට පෙර සේවයෙන් නෙරපා හරිනු ලැබූහ.
2025 නොවැම්බර් මස 21
102
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
187
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1048
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිසබා නිලධාරිනියට අකටයුතුකම් වෙලා: කමිටු වාර්ථාව කතානායකට