
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු කමිටු දෙකකට රුපියල් ලක්ෂ පනස්තුනකට ආසන්න මුදලක් (5283749) වැය කර ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට මුලින්ම පත් කෙරුණේ පාර්ලිමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ලක්ෂ්මන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවයි. එම කමිටුවේ වියදම් ලෙස රුපියල් විසි ලක්ෂ විසි එක් දහස් දෙසිය හැත්තෑ දෙකක් වැය කර ඇත. ඊට මාසිකදීමනා 883064 ක මුදලක්ද ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් 588709ක මුදලක්ද ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 549497ක මුදලක්ද ඇතුලත් වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කමිටුව පසුගිය වසරේ ජනවාරි මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කටයුතු කර ඇත.
ඊට පසු කතානායක වෛද්‍ය ජගත් වික්‍රම රත්න මහතා විසින් පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව ක්‍රියාත්මක වූ මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී එම තිදෙනා වෙනුවෙන් රුපියල් තිස් දෙලක්ෂ හැට දෙදහස් හාරසිය හැත්තෑ හතක මුදලක් වැය කර ඇත. ඊට මාසික දීමනා වශයෙන් රුපියල් 2285517ක මුදලක්ද ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් 566129ක මුදලක්ද ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 410830ක මුදලක්ද වැය කර ඇත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පත්කෙරුණු දෙවෙනි කමිටුවේ වාර්තාව කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය. කෙසේ වෙතත් මෙම වාර්තාවට පාර්ලිමේන්තු සේවකයෝ බහුතරයක් විරෝධය පළ කර සිටිති. එසේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් බහුතරයක්ද කමිටු වාර්තාවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
තවද මෙම වාර්තාවෙන් පාර්ලිමේන්තු සේවකයන් බහුතරයකට සහන සැලසී නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්හ. එහිදී එම ප්‍රකාශ වලට පිළිතුරු දුන් සභානායක බිමල් රත්නායක මහතා පැවසුවේ මෙය පරිපාලන සේවයේ ප්‍රවීණයන් තිදෙනෙකු විසින් විධිමත් ආකාරයට සකස් කරනු ලැබූ වාර්තාවක් බවයි. කෙසේ වෙතත් මෙය අවසන් වාර්තාව නොවන බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
25
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
141
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
987
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිසබයේ ’’වෙනසට’’ කෝටි භාගයක බර පැනක්