(රංජිත් රාජපක්ෂ)
මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවකු ළිඳුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික වතුයායක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ ගිලි අතුරුදහන් වී ඇතැයි ළිඳුල පොලිසිය පැවසීය.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ, සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
අතුරුදහන් වූ සිසුවා ඊයේ දින තවත් සිසුන් 09 දෙනකු සමග පාසල නිමි වි මාළු ටැංකියට දැමීමට ගල් එකතු කිරිමට ආග්‍රාඔයට ගොස් දිය නාමින් සිටියදී එක් වරම සිසුවා දියේ ගිලි අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.
අතුරුදහන් වූ සිසුවා සොයා ළිඳුල පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කළ ද, එය ව්‍යර්ථ වූ නිසා අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ සහය ඉල්ලා ඇති බවයි ළිඳුල පොලිසියේ නිළධාරියෙක් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd