IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම්

 

(මනෝප්‍රිය ගුණසේකර)

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.

කොළඹ මහාධිකරණය් ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ කොළඹ සිවිල් අභයාචන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ෆෑන්ක් ගුණවර්ධන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇත.

කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව විසින් ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇත.

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව ඇති විනිසුරු ධුරයන් සඳහා ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරු මෙලෙස අභිනව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

 



අදහස් (0)

මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1803 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site