(ගයාන් සූරිය ආරච්චි)
මහේස්ත්රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් පොලිසියට අනුයුක්තව සේවය කළ අවුරුදු 35ක කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා මහේස්ත්රාත් නිල නිවසේ ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග රාජකාරියේ යොදවා සිටියදී ඉහල නිලධාරියකුට නොදන්වා රාජකාරී ස්ථානයෙන් බැහැර ව ගොස් මුහුදු මහා විහාරයට එන මාර්ගයේ වැටී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
එම කොස්තාපල්වරයාගේ නිල ඇඳුම් කොටස් මුහුදු මහා විහාරයේ සංඝාවාසයක තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd