
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇතැයි කිසියම් අයකු ලබා දුන් තොරතුරක් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්පූර්ණ අද විශේෂ සෝදිසියකට ලක් කළේය.
මේ සම්බන්ධව මහනුවර පොලිස් මූලස්ථානයේ වැඩ බලන පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .බී .ගන්නෑව මහතාගෙන් විමසීමේදී ,බෝම්බයක් ඇති බවට ලද , තොරතුර මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යල පරිශ්‍රය යුද හමුදාව සහ පොලීසිය මෙන්ම බෝම්බ සම්බන්ධව විශේෂයෙන් පුහුණු කරන ලද නිල සුනඛයන්ද යොදවා පරීක්ෂා කළා. නමුත බෝම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් හමු වුයේ නෑ.
කෙසේ වෙතත් අවශ්‍ය ආරක්ෂාව යොදවා ලැබුණු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට එන්න විදියක්ම නැති, අමනයින්ගේ වැඩක්ද කියලා සැකයක් ඇතිවෙනවා... කරපු දූෂණ හොයනවා, දඩුවම් දෙනවා, කට්ටියක් හිරේ, ජනවාරියේ නඩු ගොඩක් විභාග වෙනවා. දූෂිත දේශපාලුවන්ට එරෙහිව෴ මේ බෝම්බ බිය එම පරීක්ෂණ නවත්වන්නද? මෙම ඊ මේල් පණිවිඩය එවූ තැනැත්තා කෙසේ හෝ හොයාගන්න. එතකොට මේ වැඩේ මොලකාරයා හොයාගන්න...
තව ටික දවසකින් හැම ප්රදේශයකින්ම මේ වගේ ජන ජීවිතය අඩාල කරන පනිවිඩ එයි. මේ පරාජිතයාගේ අවසාන තුරුම්පුවයි... කෙසේ හෝ මේ පනිවිඩ කරු, රජය සොයාගත යුතුයි...