
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැත
හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.
එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී ගොස් අැත
හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඹහු පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ රජයේ බංගලාෙවන් පසුගිය 11 වැනිදා තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ත්‍රස්තවාදීන් ඉන්නවා පළිගැනීමේ චේතනාව සහිතව, ඔවුන් මොකක් හරි කලොත් මොකද වෙන්නේ? ආණ්ඩුවට ඕනෑත් එයමද?
දැන් මරන්න කවුරුත් එන්නේ නැහැ
මම මේකට එකෙන්ම විරුද්දයි.
නාකි මයිනෙක් මරලා පව් පුරවා ගන්න කැමැති කෙනෙක් අද අපේ ශ්‍රී ලංකාවේ නැහැ හාන්දුරුවනේ. ඔය වාහනය නිල වශයෙන් දැනට ක්‍රියාකාරීව සිටින ජනාධිපතිතුමා පාවිච්චි කරන්න අවශ්‍ය වාහනය මිස නිකමෙකුගේ සුඛ විහරණය පිණිස දිය යුතු එකක් නොවෙයි...
දැන් වෙඩි තියන කට්ටිය ඔක්කොම අහුවෙලානේ ඉන්නේ?
ගැරඩි මරලා පව් ගන්න ඕන රටක් නොවෙයි... වර්ථමාන ශ්‍රී ලංකාව.... කොහොම වුනත් මැදමූලන ඉලව්වේ හැරමිටි මයිනා ඔය වාහනය බලෙන්ම වසරක් තබා ගත්තා කියලා අපි අමතක කළේ නැහැ.
නාකි මයිනා පාන්කඩ ආන්ඩුවක් කිව්වෙ මේවාට වෙන්න ඇති. ලන්කාව වටේම නිවාඩු ගන්න හිතන් හදපු මාලිගා. සේරම. ආන්ඩුව අතෙ. අපොයි මයිනට වුන දෙයක්.
ගෙදර භාර දෙන්නේ කවදද ?
වාහනේ මෙයාට තියාගන්න දීලා සියලු නඩත්තු වියදමුත් මෙයාට පුද්ගලික වියදමින් කරගන්න කිව්වා නම් වඩාත් යෝග්‍යයි
කොහොම හරි මේ මනුස්සයාව මරනවා. මේකට පාර කපලා ඉවරයි.
කෝකටත් ඇතුලේ ඉන්ඳවල චෙක් කරලම බාරගන්න.
යතුර විජේරාමේ කාණුවේ වැටිලා. තාම බාරදෙන්න විදිහක් නෑ.
ඉතිරිවෙන සල්ලිවලින් රට ඉතා සීග්‍රයෙන් දියුණුවන නිසා ලොකු අවුලක් නෑ
පලි ගැනීමේ කලාව ප්‍රගුණ කළ අනුර ප්‍රමුඛ මාලිමා නායකකාරකාදීන්ටත් ඔවුන්ගේ සට්ටැඹියනටත් හැර අඩු තරමේ ප්‍රභාකරන්ගේ ගුණ වයන ඊලාම්වාදීන්වත් මෙවැනි අවරගණයේ ක්‍රියා අනුමත නොකරනු ඇත.
කවුරුත් ඔහුට හිරිහැර කරන්නෙ නැ, පාක්ෂිකයොයි පවුලෙ අයයි හැර
රටට මෙලෝ වැඩක් නැති, ඒ නිසාම පිස්සෙක්වත් වෙඩි නොතියන, රට ආපස්සට අදින දෙමළ ඩයස්පෝරාවේ හිතවතා යනවා වෙඩි නොවදින රථවලින්.
සතියේ වැළපීම" "වෙඩි නොවදින වාහනය නැතිවුණු එක ජීවිත ආරක්ෂාවට තර්ජනයක්..."