(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (6) නොපැමිණීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව ඒ මහතාගේ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
ඔහුගේ දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කෙරිණ.
ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට ඊයේ පැමිණියේ නැත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් හිටන් කියන්නේ, චන්දයක් කියන්නේ මොකද්දවත් කියා දන්නා නැති මිනිහෙක් නිසා ආවේ නෑ කියන්න පුළුවන්... මැදමුලන නාකි මයිනට හැරමිටි වාරුවෙන් එන්න බැරි උනා කියමුකෝ. එත් ගෝටා බයියට තියෙන මහ ලෙඩේ මොකද්ද චන්දේ දාන්න ආපු නැති එකට? මුන් එක්කෙක්වත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් තියෙන රංචුවක් නොවේ !!!
'වැඩියිහිටියා"න් නේ. අනුකම්පා කරමු.
ගොඩාක් හොද මැතිවරනයක්. දුශ්ටයෝ මීනිමරුවෝ නැති සාමකාමි එකක්. රට වලපල්ලට දාලා කාවෙනුවෙන් චන්දේ දෙන්නද බේබී වෙනුවෙන් දෙන්න වෙන්නෙ ලබන ආත්මේ. ඒකත් ඉතින් කව්ද දන්නෙ මේ කට්ටියට මනුස්ස ආත්මයක් ලැබෙයිද කියලා. දෙවියන් මනුස්සයන් මවලා මේ ලෝකෙට එව්වාම නරුමයො ඒ ආත්ම දස වද දීලා. බෝම්බ දමලා විනාස කෙරුවා.
පොහොට්ටුව ජරා වෙලා , පුටුව කැඩිලා, අලියා කොර වුනා, දුරකථනය විසන්දි වුනා, ලලයි ලිලයි ලා.
මටනං හිතෙන්නෙ, මේ තුං කට්ටුවම නියෝජනය කරන පක්ෂවල ඡන්දය දෙන්න තරම් හොඳ සෙට්එකක් නැතිව ඇති. අඩුම ගානේ විපක්ෂ පුටුවලටවත් සෙට්වෙන සෙට්එකක් නැතිව ඇති. ඒක හින්ද ඡන්දය දෙන්න ආවෙ නෑ.