(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
කුඩාවැල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙෙකු රළ පහරට හසුව ගසා ගෙන යාමෙන් එක් අකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණයකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මුහුදේ ගසා ගෙන ගිය අනෙක් තරුණයා ප්‍රදේශවාසීන් බේරා ගෙන තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මාතර කඹුරුපිටියේ සේවකයන් පිරිසක් ත්‍රීරෝද රථයකින් කුඩාවැල්ල හුම්මානය නැරඹීමට පැමිණ මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.ඔහු මෙයට දින කිහිපයකට පෙර හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවයට එක්ව ඇතැයි පොලිසිය කියයි .
මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන් වු අය මේ දක්වා සොයාගෙන නැත . .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd