IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මහත්මා ගාන්ධි’ ශිෂ්‍යත්ව සිසුන් 300කට

 (යොහාන් භාසුර)

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදි උසස් පෙළ සිසුන් 300 කට ‘මහත්මා ගාන්ධි අනුස්මරණ ශිෂ්‍යත්ව’ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පිරිනැමීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් යන මහත්වරු ද සහභාගි වූහ.

මෙම ශිෂ්‍යත්ව සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම දක්‍ෂතම සිසුන් හය දෙනා බැගින් කුසලතා පදනම මත තෝරාගෙන ඇති අතර සිසුවෙකුට රුපියල් 2500 බැගින් මාසිකව හිමිවේ.

‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් 2021 සහ 2022 යන වසරවල මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නොහැකිවීම නිසා මෙවර කණ්ඩායම් දෙකකට ශිෂ්‍යත්ව පිරිනැමීය.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා, සිසුන්ගේ ජයග්‍රහණ සඳහා සුබ පැතූ අතර දෙරටේ තරුණයින්ගේ දීප්තිමත් අනාගතයක් සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය.

ඔහු ප්‍රකාශ කළේ වේගයෙන් වෙනස් වන ලෝකයේ පවා මහත්මා ගාන්ධිතුමාගේ පරමාදර්ශ යහපත් බවය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සංස්කෘතික සබඳතාවයන් අවධාරණය කරමින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් සිදුවෙමින් පවතින ඉන්දියාවේ පවතින අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ තරුණ සිසුන් අනාගතයේදී ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වනු ඇතැයි මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය.

මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පමණක් නොව, අයි.අයි.ටී. ඇතුළු කීර්තිමත් ආයතනවල වෙනත් විවිධ ශිෂ්‍යත්ව සහ අවස්ථා ලබාදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී ඉන්දීය රජයට ස්තූතිය පළ කළේය.

මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව හැරුණු විට, ඉන්දියානු රජය ශ්‍රී ලාංකික සිසුන්ට ඉංජිනේරු, තාක්ෂණ, කලා, විද්‍යා, දේශීය වෛද්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව 210 ක් පමණ පිරිනමයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට දැනුම වැඩි දියුණු කිරීම සඳහා අයි.ටී.ඊ.සී. යෝජනා ක්‍රමය යටතේ සම්පූර්ණයෙන් ගෙවන ශිෂ්‍යත්ව 400 කට වඩා ද ඉන්දීය රජය පිරිනමයි. 



අදහස් (0)

‘මහත්මා ගාන්ධි’ ශිෂ්‍යත්ව සිසුන් 300කට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site