(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කරුණු සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට ආරක්ෂාවක් ලබා නොදීම සහ මන්ත්‍රී ජගත්විතාන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජනය පිළිබඳව ඔහුට කල් තියා දැනුම් නොදීම යනාදී කරුණු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව බිඳවැටීම සැලකිල්ලට ගෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවයි.
2025 ඔක්තෝබර් මස 08
1453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහජන ආරක්ෂක ඇමතිට විශ්වාස භංගයක් ?