
(විජේරත්න රත්නායක, චන්දන කුරුප්පුආරච්චි සහ පාලිත ආරියවංශ)
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර රේල් ගැටයට ආසන්නව සිදුවූ නායයාමකින් අද (01) උදෑසන දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද උදෑසන පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟාවීමට සුළු මොහොතකට පෙර මෙම නායයාම සිදුවූ බව පැවසේ.
ඒ හේතුවෙන් දුම්රියට හානි නොවූවද එම ස්ථානයේ ගල් සහිත කඳුගැටයක් කපා සැකසුණු දෙබොක්කාවක් තුළින් දිවෙන දුම්රිය මාර්ගය ඉන් සම්පූර්ණයෙන් අවහිර විය.
මෙම මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට දුම්රිය නඩත්තු අංශය කඩිනමින් කටයුතු ආරම්භ කරන ලද නමුත් නායයාමෙන් වැටුණු විශාල ගල්, බෝර දමා ඉවත් කළ යුතු බැවින් ඊට සැළකිය යුතු කාලයක් වැයවනු ඇතැයි දුම්රිය බලධාරීහු සඳහන් කළහ.


(ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd