
(විජේරත්න රත්නායක, චන්දන කුරුප්පුආරච්චි සහ පාලිත ආරියවංශ)
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර රේල් ගැටයට ආසන්නව සිදුවූ නායයාමකින් අද (01) උදෑසන දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද උදෑසන පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟාවීමට සුළු මොහොතකට පෙර මෙම නායයාම සිදුවූ බව පැවසේ.
ඒ හේතුවෙන් දුම්රියට හානි නොවූවද එම ස්ථානයේ ගල් සහිත කඳුගැටයක් කපා සැකසුණු දෙබොක්කාවක් තුළින් දිවෙන දුම්රිය මාර්ගය ඉන් සම්පූර්ණයෙන් අවහිර විය.
මෙම මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට දුම්රිය නඩත්තු අංශය කඩිනමින් කටයුතු ආරම්භ කරන ලද නමුත් නායයාමෙන් වැටුණු විශාල ගල්, බෝර දමා ඉවත් කළ යුතු බැවින් ඊට සැළකිය යුතු කාලයක් වැයවනු ඇතැයි දුම්රිය බලධාරීහු සඳහන් කළහ.


(ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ)

2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහා ගල්කුලක් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය වහයි