මාස දෙකකදී සංචාරකයන් 165,000 ක්
(යොහාන් භාසුර)
මෙම වසරේ ගතවූ මාස දෙක තුළ විදේශ සංචාරකයන් 165,000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට පෙබරවාරි 24 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 164,898 ක් බවත් පෙබරවාරි මස පමණක් සංචාරකයන් 82,571 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
රුසියාවෙන් පැමිණි සංචාරකයන් 26,597 එහිදී එක රටකින් පැමිණි ඉහළතම සංචාරකයින් සංඛ්‍යාව වන අතර ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයන් 22,304 ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 16,638 ක් පැමිණ තිබේ.
මෙම කාලය තුළ යුක්රේන සංචාරකයින් 12,979 ක් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව වැඩිම සංචාරකයන් පැමිණි රටවලින් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාස දෙකට සංචාරකයන් 165000ක් ඇවිත්