IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


මවට කොසු මිටෙන් පහරදී ඝාතනය කළ පුතා අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුදල් නොදුන්නැයි මවට කොසු මිටකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව තුවාල ලබා රෝහල්ගත කර සිටි මව ඊයේ (18) මියයාම සම්බන්ධයෙන් සැකකාර පුතා අත්අඩංගුවට ගත්  බව දෙමටගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ආරාමපාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක පුද්ගලයෙකි.

සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වන අතර ඔහුගේ දියණිය ඉකුත් පාස්කු ප්‍රහාරයට ලක්වී මියගොස් ඇති බවත් ඔහුගේ බිරිය දැනට විදෙස්ගතව ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුගේ පහරදීමෙන් මියගොස් ඇත්තේ දෙමටගොඩ ආරාම ප්‍ර දේශයේ පදිංචි එම්.ඒ.ඩබ්. සල්වම්මා නැමැති 65 හැවිරිදි කාන්තාවකි.

සැකකරු ගේ මව රෝගීව රෝද පුටුවක සිටන කාන්තාවක වන අතර සැකකරු  මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා ඉකුත් (12) දා මවගෙන් මුදල් ඉල්ලු පසු මව මුදල් නොදීම හේතුවෙන් අතින් පයින් සහ කොසු පොල්ලකින් පහරදී නිවෙසින් පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

මවට කොසු මිටෙන් පහරදී ඝාතනය කළ පුතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1880 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 596 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 684 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site