IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මාලිමාව චෝදනාවලින් ගලවා ගන්න දිලිත් තීරණයක් ගනී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොරු සමඟ ,නයි පෙන්වූ අය සමඟ එකතු වුනා යැයි මාලිමාවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි නිසා පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහාය නොදී සිටීමට තම පක්ෂය තීරණය කළ බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා (සර්වජන බලය) පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා එක්වන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තමාට ආරාධනාවක් කර තිබූ බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීම සඳහා එම යෝජනාවට එකඟ නොවී සිටීමට තීරණය කළ බවද කීය.

"ආණ්ඩුව සමඟ එක්ව පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම වගේ වැඩ වලට සම්බන්ධ නොවී ඉන්න අපට සිදුවෙනවා.ඒ ඔබතුමාලගේ පක්ෂයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. නැත්නම් ඒක එන්.පී.පී එකට හොඳ නෑ. හොරු සමග එකතුවෙලා, නයි පෙන්නපු අය සමග එකතුවෙලා කියලා ඔබ පක්ෂයට චෝදනාවක් එන්න පුළුවන්" යනුවෙන්ද දිලිත් ජයවීර මහතා කීය.

 



අදහස් (15)

මාලිමාව චෝදනාවලින් ගලවා ගන්න දිලිත් තීරණයක් ගනී

අරවින්ද මොණරවිල Thursday, 22 May 2025 04:46 PM

දිලිත් හිතලා තියෙන තරමක්, ඇන්ටිජන් වලින් ගසා කෑ නිරෝධායනයෙන් ගසා කෑ, රාජපක්ෂලා එක්ක එකතුවෙලා ගේම් ගැහුව එකෙක් කොහොමටවත් මාලිමාව පැත්ත පලාතකට ගන්නේ නැහැ !

:       11       44

මැක්ස් Thursday, 22 May 2025 06:22 PM

ව්‍යංගාර්ථයෙන් දුන් නියම කණේ පහරක් !

:       64       188

කෞෂිThursday, 22 May 2025 07:07 PM

Max අහල තියෙනවද මෝඩයන්ට මැජික් කියල කියමනක්?

:       5       28

ලාල් ගලබඩ Friday, 06 June 2025 10:53 AM

එයා පත්කළ මන්ත්‍රී නොවෙයි. පත් කරගත් මන්ත්‍රී. හේමකුමාරට ලැබිය යුතු මන්ත්‍රීකම ගත්තේ. ළඟදීත් නැවත කෝවිඩ් ලෙඩේ වර්දනය වුණොත්, මිනිහා ආයිත් ඇන්ටිජන් ගෙනාවොත් ජනතාව ඉවරයි.

:       2       2

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Thursday, 22 May 2025 06:56 PM

හොරු පාර්ලිමේන්තුවට යන්න හොඳත් නෑ. ගෙදර නවතින්න. පක්ෂයක් අටවගෙන සල්ලි දීල ජාතික ලැයිස්තුවෙන් ආව වගේ තමයි.

:       7       32

WeerawansaFriday, 23 May 2025 11:07 AM

හරියට හරි, මමත් ගියේ රොටි කන්න වෙන නිසයි.

:       4       15

prasanna Thursday, 22 May 2025 06:56 PM

PCR case එක ෂේප් කරගන්න පුළුවන්. නියම මොලකාරයා. හයර් යන එක නවත්ත ගන්න දැන්මම ක්‍රියාත්මක උනා.

:       4       12

රුවන් Thursday, 22 May 2025 07:27 PM

ආරංචි විදියට දිලිත් හෙට අනිද්දා හිරේ යනවා ලු හිරු රෙනෝ සිල්වා එක්ක. ඒකයි මේ අලුත් සෙල්ලමක් දාන්න යන්නේ.

:       3       16

පොඩිඑකා Thursday, 22 May 2025 09:09 PM

වසන්ත සහෝදරයා කලෙත් ව්‍යංගයෙන් කල සමච්චලයක් බව තේරැම් ගන්න ඔබේ මොලේ මදිද මැක්ස්?

:       6       18

දිනේෂ් Thursday, 22 May 2025 10:46 PM

අනේ මැක්ස් දැන්වත් ඔය ඇඩියාව නවත්ත ගන්නවද සහාය දුන්නත් මෙයාලගෙ සහාය ආණ්ඩුව ගන්නෙ නෑ.

:       8       13

Nishan Friday, 23 May 2025 04:28 AM

ඇන්ටිජන් හොරු සමග නයි පෙන්නපු අය සමග විතරක් නෙවෙයි මහ බැංකු හොරෙක් කියලා හංවඩු ගහපු ලොක්කෙක් එක්කත් සාකච්චා කරලා. හොරු සමග එකතු වෙන්න හදන්නේ හොරු නොවේද?

:       5       12

කෝරලගේ Friday, 23 May 2025 10:36 AM

ඔන්න ඇන්ටිජන් වලින් හොරා කෑවා කෝටි ගණන් මුදල් වංචාවට නඩු විභාගය ළඟ දීම එනවලු. මේ හොරා හෝම්බෙන් යන්නේ එතකොට තමයි. බලාගමු එතකොට.

:       5       13

randil dunuwille Friday, 23 May 2025 08:38 AM

මැක්ස් වගේ හොර බත් බැලයන්ට මෙයාලා ඉතින් වැඩ්ඩෝ. චන්දයක් අරන් පාර්ලිමේන්තු එන්න බැරි පිනට ආපු කට වචාලයෝ!

:       6       15

රුවන් Friday, 23 May 2025 01:24 PM

මැක්ස් තමන්ම තමන්ගේ කමෙන්ට් වලට ලයික් දා ගන්නවා. අනිවා පොහොට්ටුවේ කෙනෙක්.

:       8       9

Ashani Lawrence Sunday, 25 May 2025 08:35 PM

රෙදි නැතුව කඩේ යන්න හදනවා.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20098 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18088 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 512 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site