
(සුජිත් හේවාජුලිගේ )
වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ.
එම පුදබිමේදී විශේෂ පිරිස් සජ්ඣායනයක් පෙරේදා(5) රාත්‍රී පැවැත්විණ. විහාරය ආගමික කටයුතු සඳහා විවෘත කෙරුණේ ඉන් අනතුරුවය.
මෙම පින්කමට වැලිඔය සහ අසිරිමලේ ආරණ්‍ය සේනාසනවලින් වැඩමකළ හතළිස් නමකට අධික මහා සංඝරත්නයද වනජීවී අමාත්‍ය සී බී රත්නායක, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
සද්ධාතිස්ස රජුගේ පුතකුවූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි.
ප්‍රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ.
තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්‍යයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටින් හමුවූ එවැනි වර්ගයේ එකම නිර්මාණයද මෙය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මෙම විහාර පරිශ්‍රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබ තිබූ බව ආරක්ෂක අංශ පවසයි.
එකම පස් කන්දක් ලෙස පවතින චෛත්‍යය ජගත් සුමතිපාල මහතාගේ මහතාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන් වහන්සේ දැඩි කැපවීමකින් කටයුතු කරති.
මෙම විහාරයේ ආගමික කටයුතු පැවැත්වීමට පෙර දින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි පැමිණ විශාල කලබලයක් ඇති කර තිබූ බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැළලීයන හෙළ බොදු උරුමයන් නැවත පණගැන්වීම ගැන සියලු දෙනාට ජාතිය වෙනුවෙන් උපහාර කරමි...!
සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමට සමත් වූ සැමට ස්තූතියි ... මේ ස්ථානය සැදැහැති ජනතාවට වැඳ පුදා ගැනීමට සැලැස්වීමත් අගය කළ යුතුයි. ඒත්, වෙහෙර විහාර වැඳීමෙන් පමණක් සැබෑ බෞද්ධයන් නිර්මාණය වන්නේ දැයි සිතා බැලිය යුතු කරුණක්. වරක් බුදුරජාණන් වහන්සේ දෙසුවේ " ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන්නා උසස් ලෙස තමන් වහන්සේ පුදන්නා " බවයි. එය එසේ වුවත්, වර්තමානයේ වැඩිපුරම දැකිය හැකි වන්නේ, ධාර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටීම පසෙක තබා, ආමිස පූජාව පමණක් කරපින්නා ගත් බෞද්ධයින් කොටසක් බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුව පවතී. ආමිස පූජාව හොඳ දෙයකි.ඒත්, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ඇති වන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන සිල්වත්, ගුණවත්, ප්‍රඥාවෙන් හෙබි මිනිසුන් නිසාවෙනි. ඒ බව සැමදෙනා සිහිනුවණින් සිතා බැලිය යුතුයි.
සාදු සාදු...!! මේ උතුම් කර්තව්‍යයට දායක වූ සියලු දෙනාට උපහාර වේවා..!.
දකුණේ කිසිඳු බාධාවක් නැතිව ඕනෑම ආගමික කටයුත්තක් කරන්න පුළුවන්... එහෙම නම් උතුරට විශේෂයක් වෙන්න බැහැ. දෙමල සන්ධාන නායකයින් එය තේරුම් ගත යුතුයි. දකුණේ මෙහෙම දේශපාලකයින් ආගමික ස්ථානයකට කඩා වැදුණා නම් මෙලහකට ජිනීවා ගිහිල්ලා... මෙම සිද්ධස්ථාන රැකගන්න මහනායක හිමිවරුන් මූලිකත්වය ගත යුතුයි... රජය ප්‍රමුඛ බෞද්ධ ජනතාව මෙම ස්ථාන රැකගැනීමට දායකත්වය දැක්විය යුතුයි...
මෙතැන සිට එල්ලකරන ලද බර අවි ප්‍රහාර නිසා මියගිය සොල්දාදුවන්ට පින් පමුණුවමු. එනමුත් ප්‍රභා විසින් මෙම නටබුන් විනාශ කිරීමට කිසිවිටෙක අණදී නොතිබුණි.
මේ ගැන රාසමානික්කම් ප්‍රකාශයක් කරලා තිබුණා... අවුරුදු 100ක් විතර ද්‍රවිඩ ජනතාව වන්දනා කරපු පුදබිමක්ලු කියලා... අපේ පුරාවිද්‍යා කට්ටියගේ කාර්යක්ෂම කමත්, උනන්දුවත් නිසා තමයි මෙවැනි දේවල් සිදුවෙන්නේ. කෝනේෂ්වරම් කෝවිල හදන්න කරපු අපරාධය මෙතැනත් කරන්න උත්සාහ කරන්න ඇති. ලස්සනම කතාව... කෝනේෂ්වරම් කෝවිලේ බිතුසිතුවම් හදලා තියෙනවා... කන්තලේ වැව හැදුවේ දෙමළ රජෙක් කියලා.. පුරාවිද්‍යා කාරයින් උඩබලන් ඉන්නවා.
දැන් සර් ෆේල් කියපු කට්ටිය කොහේද දන්නේ නැහැ ඉන්නේ...? වෙන්න ඕනෑ දේ හෙමින් හෙමින් හරි වෙනවා... ඒකට සතුටුයි.
උතුරු, නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට වත්මන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මා අතිශයින්ම අගය කරමි. එතුමාගේ බෞද්ධ පුනර්ජීවන වැඩ පිළිවෙල සාර්ථක වේවා. බුදුසරණින් හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා..!!!