IMG-LOGO

මූලික අයිතිවාසිකම් කඩවුනැයි වසන්තගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )

නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගනිමින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළේය .

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සහ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු හය දෙනකු නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අංශ මඟින් ඉකුත් අගෝස්තු මස 18 වනදා තමන්ව නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි රැදවුම්භාරයේ තබා ගෙන ඇතැයි පැමිණිලිකරු සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිය හදාරමින් සිටින තමන් ගෝඨා ගෝ ගම අරගල භූමියේ සක්‍රීය අරගල කරුවෙකු වන බවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් මෙරට සමාජීය ප්‍රශ්න ගනනාවකටම සක්‍රීයව දායකත්වය දක්වා ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ.

මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගෙන තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කර නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන් බැලීම සඳහා තම පවුලේ ඥාතීන්ට සහ නීතිඥවරයෙකුට අවසර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්න ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම රැඳවුම් නියෝග අවලංගු කර තමන් මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (2)

මූලික අයිතිවාසිකම් කඩවුනැයි වසන්තගෙන් පෙත්සමක්

SUNIL MILANO Friday, 26 August 2022 06:42 PM

මූලික අයිතිවාසිකම් දැන්ද මතක් වුණේ. නුඹලා ඒකතු වෙලා පාරවල් වහලා මහජනතාවට කරපු අපරාධ අරගලය නමින් අටවගත්ත පොඩාව. මේවා අයිතිවාසිකම් කඩ කිරීම් තමයි. හරිනම් නුඹලා සේරම දැන් ඉන්න ඕන යකඩ කූරු ගණන් කර කර.

:       1       7

Rohana Friday, 26 August 2022 09:54 PM

රටේ පාලකයිනේ, වැරදි කතාකර සාමකාමී විරෝධය දැක්වීම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මූලික අයිතියකි. රනිල් ක්‍රමයට මෙවැනි දේවල් වලට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීම ලෝක විහිළුවකි. එහෙම නම් මීට වැඩි අපරාධකාරයිනුත් නැතිව යහතින් ඉන්න අය රටේ කොපමණ ඉන්නවද?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 327 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 498 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site