
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.
සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාවය පැවැත්විණි.
හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.
නමුත් හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තියෙන අයට විතරයි පනතේ වටිනාකම තේරෙන්නේ...!
පනතක වටිනාකම අඩු-වැඩි වෙන්නේ එය ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක වෙන ආකාරයටයි. ප්‍රභූ පැලැන්තියට එක ආකාරයටත්, සාමාන්‍ය නැති බැරි ජනතාවට තවත් ආකාරයටත් නම්, "වැටත්-නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව" වගේ තමයි...!!!
මිනියක් ගොඩදාගෙන වෙන්න ඇති මේ පාර පාර්ලිමේන්තු යන්නේ...
මර්වින් ඔබ ගෙදර පලයන්
මේ මිනිහ ඒ කාලේ කැලණියේ නටපු නාඩගම් මිනිස්සුන්ට තවම මතකයි . දැන් මේ දඟලන්නේ ආයේ පාර්ලිමේන්තු එන්නයි . මේකට ගහල පන්නවා හැරෙන්නට චන්දෙ දෙන්න තරම් මෝඩයෝ රටේ නැහැ . මේකටත් ඕන වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහස කියමින් කුණුහරුප යුටියුබ් කාරයොයි , මුණු පොතේ කුණුහරුපයි , පල බොරුයි පතුරුවන්න නිදහස ඉල්ලීමද? මුන්ට ඕන කුණු රසයම විඳින්න .
සදහටම කනත්තට යනකන් තමයි ඔක්කොම බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් ඔහොම ඉන්න, ඔයා ටිකක් පරක්කුයි.
කිත්සිරියෝ, එහෙම තමයි... මොලේ නැති අයට හිතෙන්නේ...!
මුදලිගේ බල්ල මරුන වෙලාවේ මුදලි මූහන්දිරම්ලා ඔක්කොම ආවලු බල්ලගෙ පෙට්ටිය උස්සන්න. මුදලි මැරුණ වෙලාවේ බල්ලෙක්වත් ආවේ නැතිලු පෙට්ටිය උස්සන්න. ඒ ටික තමයි සිල්ලට වෙන්නෙත්.
ඉස්සරහින් යන කෙනාගේ ඇතුළට බහින කාලේ හරි වගේ... පොඩි රියසල් එකක් දාලා...
ඇත්ත තමයි... මොනවාටද ඔය පනත් ගේන්නේ? මතකනේ අර ITN එකේ දී කවුද වඳුරෙක් වගේ තගෙක් එක්ක ගිහින් වලි දාන්න ගිහින් මුළු රටම බලන් ඉද්දී බඩකට පුරා ගුටි කාපු වෙලාවේ මිමින්නෙක් වගේ වාහනයට රිංගලා පැනලා ගිහින් පහුවදා දවසක මාධ්‍ය වේදීන්ගේ පිටේ දැලි පිහි සටහන් තිබ්බා. පෝද්දල ජයන්තට ගහල ගහල කකුල් දණහිස ළඟින් කඩලා දාලා ඒ මදිවට tv එකේ වොයිස් කට් එකක් එහෙමත් දුන්නේ ඔව් මම තමයි උඹට ගහලා කකුල් කැඩුවේ, උඹට පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං කියලා චැලේන්ජ් එකක් එහෙම කළේ. දැන් ඔය කනත්තටම එන්න ඕනෑවුනේ ඒ කාලේ මියගිය මාධ්‍ය වේදීන්ට පේන්න වෙන්නැති මම දැන් අනේ හරි හොඳයි කියලා.
දේශපාලුවන් රකින්න ගෙනාපු පනතක්. මාල කඩපු එකාට රත්තරන් කියන්න බෑලු... කුඩු ගෙනාපු එකාට කුඩුකාරයා කියන්න බෑලු. නැතිනම් අනික් වැරැදිවලට දඬුවම් දෙන්න ඕන තරම් නීති තියෙනවා ලංකාවේ...